ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් 'පාම් ස්ප්‍රින්ග්' ජාත්‍යන්තර සිනමා උලෙළේ සම්මානයට පාත්‍රවෙයි...
2017-01-06 09:28:00
2017 සම්මාන කාලය ආරම්භයත් සමග සුප්‍රකට හොලිවුඩ් තරු ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් "පාම් ස්ප්‍රින්ග්" ජාත්‍යන්තර සිනමා උලෙළේ ගෞරව සම්මානයට පාත්‍රවී ඇතැයි වාර්තා වනවා. පසුගිය සඳුදා දිනයේදී පැවති මෙම සම්මාන උලෙළේදී ඔස්කා සම්මානලාභී හෑන්ක්ස් "(Sully) සලී" සිනමාපටයේ ගුවන් කපිතාන් "චෙස්ලි සලෙන්බර්ග්" ගේ චරිතය වෙනුවෙන් "(Icon Award) අයිකන් අවෝඩ්" සම්මානයට හිමිකම් කීමට සමත් වූවා.

කිඩ්මන් ඉන්දියානු දරුවකු දරුකමට හදාගන්නා ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ චරිතයකට පණ පොවන අතර, ඇය රංගනයෙන් දායක වූ "(Lion) ලයන්" සිනමාපටයේ රංගනය වෙනුවෙන් "ඉන්ටර්නැෂනල් ස්ටාර්" සම්මානය හිමි වූවා. එසේම මෙම සම්මාන උලෙළේදී සුප්‍රකට හොලිවුඩ් නළු නිළියන් වන ඇන්ඩෘ ගාර්ෆීල්ඩ්, නටාලි පෝට්මන්, කැසී ඇෆ්ලෙක්, ඇමී ඇඩම්ස්, ඇනෙටි බෙනින්ග්, මාෂලා අලී, රයන් ගොස්ලින් ද සම්මානයට පාත්‍ර වූ බව වාර්තා වෙනවා.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

Main page l   Hollywood Sinhala Articles    Hollywood Photos    

o
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd