හොලිවුඩ් නිළි ට්‍රීසියා ඝාතනය කරලා
2017-01-05 10:11:00
සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක වූ ට්‍රීසියා මැකාලි සිය මෝටර් රිය තුළ ඝාතනය කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පසුගිය නත්තල් දින ඇය අතුරුදන් වීම නිසා ඥාතීන් හා මිතුරන් පොලිසියට දන්වා තිබූ අතර, ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමේදී ඇය ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබිණි.

46 හැවිරිදි වියේ පසු වූ ට්‍රීසියාගේ ඝාතනය සම්බන්ධයෙන් 27 හැවිදිරි ඒබ්‍රියන් ජොන්සන් නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ට්‍රිෂියාගේ මෝටර් රථය පදාවාගෙන යමින් සිට තිබේ. මෝටර් රථයේ ඩිකිය පරීක්‍ෂා කිරීමේදී ට්‍රිෂියාගේ මළසිරුර හමු වී ඇත. 2006 වර්ෂයේදී තිරගත වූ Step Up චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඇය, සිය රංගන ජීවිතයෙන් ප්‍රසිද්ධියට පත්වූයේ චිත්‍රපට කිහිපයකින් පමණි. ඒ 2000 වර්ෂයේදී තිරගත වූ The Paper Girl, 2012 වර්ෂයේ තිරගත වූ Never Dream: The Beginning ආදී චිත්‍රපට තුළිනි.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

Main page l   Hollywood Sinhala Articles    Hollywood Photos    

Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd