කේට් නිසා නළුවකු වූ ක්ෂේවියර්


2016-12-29 10:31:00
ක්ෂේවියර් ඩෝලාන්, හොලිවුඩ් සිනමා ලොව තුළ ඉදිරියට ‍ගමන් කරමින් සිටින රංගන ශිල්පියෙක්. ඔහු, රංගනයටත් චිත්‍රපට නිර්මාණයටත් අති දක්ෂයෙක්. මෑතකදී මේ යොවුන් සිනමා කරුවා හොලිවුඩ් සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියකට සිය ගෞරවය පිරිනැමුවා. ක්ෂේවියර්ගේ නොමඳ ගෞරවයටත් ප්‍රශංසාවටත් ලක්වුණේ සුපිරි නිළි කේට් වින්ස්ලට්.

“කේට් වින්ස්ලට් රඟපෑ ‘ටයිටැනික්’ චිත්‍රපටය මම බැලුවෙ පුංචි කාලෙදි. එතකොට මගේ වයස අවුරුදු 8 යි. ඒ කාලෙ මම කේට්ගේ රසිකයෙක්. ‘ටයිටැනික්’ චිත්‍රපටය බැලුවාම මට හිතුණා, සිහිනවලට සීමාවක් නැහැ නේද කියලා.

මට ඒ චිත්‍රපටය ගැන පුදුම හිතුණා. මට වයස අවුරුදු 16 වෙද්දි මගේ සිතුවිලි ප්‍රකාශ වුණේ කේට්ගේ මුවින්. ඇය කතා කරන හැටි, ඇවිදින හැටි මම හොඳින් බලා සිටියා. ඇත්තටම කේට් වින්ස්ලට් තමයි මාව නළුවෙක් කළේ. මාව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු කළේ. කලාකරුවකු විදිහට, මනුෂ්‍යයකු විදිහට හැදෙන්න මට උදවු කළේ ඇයයි. මේ දක්ෂ රංගන ශිල්පිනියගේ ආභාසයයි. හැබැයි, මේ බවක් ඇය තවම දන්නෙ නැහැ.”

ක්ෂේවියර් මාධ්‍ය හමුවකදී පැවසුවා.
Wmqgd .ekSu wo forK fjí wvúh

Main page l   Hollywood Sinhala Articles    Hollywood Photos    

Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd