රූබි ගිලුණත් කැමරා ස්ටාට්


2016-12-28 09:26:00
ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් තමයි ‘මෙග්’. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජෝන් ටර්ටල් ටෝබ්. 1999 දී ප්‍රකාශයට පත්වූ විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරින් නිර්මාණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ ජේසන් ස්ටැතම්, ජෙසිකා මැක්නම් සහ රූබි රෝස්.

චිත්‍රපටයේ එන එක්තරා ත්‍රාසජනක ජවනිකාවක රඟපාද්දී රූබිගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙන්. මේ දර්ශනයේ ඇයට සිදුවුණේ මෝරකු සමඟ සටන් කරන ආකාරයක් නිරූපණය කරන්නටයි. ටික වේලාවක් රඟපාද්දී සිදු වුණේ රූබි නොසිතූ දෙයක්.

“අධ්‍යක්ෂ ජෝන් ටර්ටල්ගේ උපදෙස් අනුව මම රඟපානකොට මට දැනුණා, මාව ගිලෙන්න යනවා. ඉතින් මම උඩ එන්න දැඟලුවා. අධ්‍යක්ෂවරයාත් අනෙක් අයත් හිතුවේ මම රඟපානවා කියලයි. මම ඒ අයට අතපය විසි කරලා කිව්වේ මගේ පැත්තට මොනව හරි විසි කරල මාව බේරගන්න කියල. ඒත් කාටවත් ඒක තේරුණේ නැහැ. අන්තිමට මම කොහොමහරි කෑගහල කිව්ව, මාව ගිලෙන්න යනවා කියල. ඒ ගමන තමයි කාටත් වැඩේ තේරිල මාව බේරගත්තෙ” රූබි තමන්ට සිදුවූ අකරතැබ්බ එලෙස විස්තර කළා.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

Main page l   Hollywood Sinhala Articles    Hollywood Photos    

o
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd