හැරී පොටර් නළුවකුට මංගල සීනු

 


2016-12-27 09:25:00
‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවේ නෙවිල් ලොන්බොටම්ගේ චරිතය නිරූපණය කළ මැතිව් ලෙවිස්ගේ ජීවිතයට මංගල සීනු හැඬවෙන දිනය ළංවෙලා. ඔහු, තම පෙම්වතිය වන ජනප්‍රිය නිළි ඇන්ජලිනා ජෝන්ස් සමඟ පසුගියදා විවාහ ගිවිස ගත්තා. මැතිව් සහ ඇන්ජලා මාස 10ක පමණ කාලයක් තිස්සේ පෙමින් වෙලී සිටියා. නමුත් ඒ කාලය තුළ දෙදෙනා අතර තරමක ගැටුම්කාරී වාතාවරණයකුත් තිබූ බවයි හොලිවුඩ් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇන්ජලා ජෝන්ස්, මැතිව් සමඟ විවාහ ගිවිස ගත්තේ ඇගේ නීත්‍යනුකූල විවාහය කටුගා දමලයි. විවාහ ගිවිස ගැනීමෙන් පසුව මේ නව යුවළ ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන වෙත පිටත්ව ගියා. එහිදී හමුවූ මාධ්‍යවේදීන්ට සහ කැමරා ශිල්පීන්ට ඇන්ජලා තම සු‍රතෙහි රැඳි විවාහ ගිවිස ගත් බව හැඟවෙන වටිනා දියමන්ති මුදුවේ කාන්තිය පෙන්වනු ලැබුවේ ආඩම්බරයෙන්. මැතිව් සහ ඇන්ජලා, අයිෆල් කුලුන ඉදිරිපිට දී මෙවැනි ‘සන්දර්ශනයක්’ පැවැත්වූයේ විශේෂ හේතුවක් නිසයි.

මැතිව්, ඇන්ජලාට විවාහ යෝජනාව යොමු කළේ අයිෆල් කුලුන ඉදිරිපිටදීලු. මැතිව්ට ඇන්ජලාව මුණ ගැසී ඇත්තේ යුනිවර්සල් චිත්‍රාගාරයේදී බවයි තතු දන්නා උදවිය පවසන්නේ.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

Main page l   Hollywood Sinhala Articles    Hollywood Photos    

o
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd