Home / හොලිවුඩ් ගොසිප් / බ්‍රැඩ්ට සුපිරි තරු එපා වෙයි

බ්‍රැඩ්ට සුපිරි තරු එපා වෙයි

2018-11-27 09:36:00       140
feature-top
විවාහ දෙකක් ම අසාර්ථක කරගත් සුපිරි නළු බ්‍රැඩ් පිට් පවසන්නේ තමන් යළිත් වතාවක් විවාහවීමට හෝ පෙම් කිරීමට අකැමැති බවයි. බ්‍රැඩ් සහ සුපිරි නිළි ඇන්ජලිනා ජොලී සමඟ ගත කළ විවාහ ජීවිතය මෑතකදී අවසන් වූ බව කවුරුත් දන්නවා. ඇන්ජලිනාට කලින් ඔහු විවාහ කරගත්තේ තවත් සුපිරි නිළියක වන ජෙනිෆර් ඇනිස්ටන්වයි. ඇගෙන් දික්කසාද වූ බ්‍රැඩ්, ඇන්ජලිනා විවාහ කරගත්ත ද මේ වනවිට දෙදෙනා වෙන්ව ජීවත් වෙනවා‍. ඇන්ජලිනා වෑයම් කරන්නේ මේ වසර අවසානය වන විට ඇය සහ බ්‍රැඩ් ගේ විවාහය නීත්‍යානුකූලව අවසන් කරන්නයි‍.

පෙම් කරන්න හෝ විවාහ වෙන්න බ්‍රැඩ් උනන්දුවක් දක්වන්නේ නැතැයි සමහරු ප්‍රකාශ කළත්, තවත් සමහරු පවසන්නේ පෙර මෙන් සුපිරි නිළියකට පෙම් කරන්න පමණක් ඔහු අකැමැතිය කියලයි. “සුපිරි තරුවකට නම් බ්‍රැඩ් ආයෙත් පෙම් කරන එකක් නැහැ. ඒ වුණත් සුපිරි නොවන නිළියකට නම් හිත යන්න ඉඩ තියෙන හැඩයි” එලෙස කීවේ බ්‍රැඩ්ගේ හිතවතෙක්. කොහොමත් විවාහ දෙකක් කරගෙන ඒ දෙපාරම අසාර්ථක වෙලා මුණින් අතටම වැටුණාට පස්සෙ ලොකු අතු අල්ලන්න බ්‍රැඩ් දැන් කැමැති නැතිලු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »