Home / හොලිවුඩ් ගොසිප් / මේඝාන්ගේ සොහොයුරිය ගේ සැබෑ වෙනස

මේඝාන්ගේ සොහොයුරිය ගේ සැබෑ වෙනස

2018-11-02 12:10:00       90
feature-top
බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් රාජකීය අමුත්තකු හෝ අමුත්තියක එක්වීමට නියමිතයි. ළඟදී රජ කුමරියක වූ මේඝන් මාක්ල් මවු පදවිය ලැබීමේ තමයි, මේ අලුත් ම වෙනසට මුල පිරෙන්නේ.

මේ වන විට මේඝන් ගැබිනියකව සිටින පුවත මුළු ලොව පුරාම පැතිරී ගිහින්. මේඝන්, හැරී කුමරු සමඟ විවාහ වූ විට එයට විරුද්ධත්වය පළ කළ ඇගේ පියා වන තෝමස් මාක්ල් ගේ ආශිර්වාදය පවා දැන් ලැබී ඇතැයි පැවසෙනවා. රජ කුමරියක වෙද්දී ඇයට එරෙහි වූ ඇගේ වැඩිමල් සොයුරිය, සමන්තා මාකල් ද මේ අලුත් ආරංචිය ලැබීමෙන් පසු වෙනස් වෙලාලු. (සමන්තා, මේඝන් ගේ පියා ගේ කලින් විවාහයේ දියණියයි. ඇය, මේඝන්ට වඩා වසර 17 ක් වැඩිමල්) මේඝන්, හැරී කුමරු සමඟ විවාහ වූ පසුව ඉඩ ලැබුණු සෑම අවස්ථාවකදී ම සමන්තාගෙන් මේඝන්ට ලැබුණේ දැඩි වාග් ප්‍රහාර රැසක්. එවැනි තත්වයක සිටි සමන්තාගේ මේ වෙනස් වීම කාටත් පුදුමයක්.

“පහුගිය කාලෙ සිද්ධ වුණු හැම දෙයක්ම දැන් අහෝසියි. මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ මේඝන් සතුටින් ඉන්නවා දකින්නයි. සාමයෙන් කල් ගෙවනවා දකින්නයි. අපි හැමෝම දැන් සුබවාදීව හිතන්න ඕනෙ.” සමන්තා, බ්‍රිතාන්‍ය පුවත් පතකට එලෙස පවසා තිබුණා.

කෙසේ වෙතත්, මේඝන්ගේ පියා මේ වනතුරු කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »