Home / හොලිවුඩ් ගොසිප් / ජය පෙනි පෙනී පරාජයක්

ජය පෙනි පෙනී පරාජයක්

2018-11-01 01:52:00       46
feature-top
මේ සුපිරි ගායිකාවගේ සම්පූර්ණ නම තමයි, ඔනිකා ටාන්යා මරාජ්. නමුත් ඇය ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත යොවුන් රසික පරපුර හඳුන්වන්නේ නිකී මිනාජ් හැටියටයි. ස්පාඤ්ඤයේ උපන් ට්‍රිනිඩැඩ් ඇමරිකානු සම්භවයකින් යුතු මේ රුවැත්තිය, ගායනයට අමතරව ගීත රචනයටත්, මෝස්තර නිරූපණයටත් දක්ෂයි.

නිකි මිනාජ් ගේ අලුත් ම ගීත ඇල්බමය තමයි, ‘ක්වීන්’. මේ ගීත එකතුව රසික පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. එම ගීත එකතුවේ පිටපත් අලෙවිය මිලියනයකට ආසන්න වෙද්දී එය ප්ලැටිනම් තත්ත්ව සම්මානය දිනා ගැනීමට පවා සුදුසුකම් ලබමින් සිටියා.

එහෙත්, කවුරුත් නොසිතූ ලෙස ඇමරිකානු රැප් ගායක ට්‍රැවිස් ස්කොට් ගේ ‘ඇස්ට්‍රෝවර්ල්ඩ්’ ගීත ඇල්බමය ‘ක්වීන්’ පරදවමින් ප්ලැටිනම් සම්මානය දිනා ගත්තා.‍ෙRecording Industry Association of America හෙවත් RIAA වෙතින් ප්ලැටිනම් සම්මානය පිරිනැමෙන්නේ ගීත ඇල්බමයක පිටපත් මිලියනයක් අලෙවි වූ පසුවයි.

මේ පරාජය සමඟම නිකිට එරෙහිව නඩුවකුත් පැවරිලා. ඇගේ වේශ නිරූපණ ශිල්පියා විසින් මේ නඩුව පව‍රා ඇත්තේ ඔවුන්ගෙන් ලබාගත් ඩොලර් 13,000ක් වටිනා ඇඳුම් ආයිත්තම් රැසක් ඇය විසින් යළි ඔහුට භාර නොදුන් බව පවසමින්. පසුගිය වසරේ පැවැති ප්‍රංශ විලාසිතා සතියට සහභාගි වීම වෙනුවෙන් තමන් විසින් කුලියට ලබාගත් මෙම ඇඳුම් කට්ටලයෙන් නිකි සැරසුණු බවයි ඔහු පවසන්නේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »