Home / හොලිවුඩ් ගොසිප් / ශ්‍රද්ධාට දැන් සුවයි

ශ්‍රද්ධාට දැන් සුවයි

2018-10-22 12:03:00       58
feature-top
බොලිවුඩ් පුරයේ ජනප්‍රිය යොවුන් නිළියක වන සුරූපී ශ්‍රද්ධා කපුර්ට ඩෙංගු රෝගය වැලඳී ඇති අතර දැන් නම් ඇය සුව වී සිටින බව ආරංචියි.

“අනේ! මා ගැන දුක් වෙන්න එපා. දැන් මට සනීපයි. මා ගැන හොයල බැලුවට ඔයාල හැමෝටම ස්තුතියි” ශ්‍රද්ධා සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි මේ සටහන තැබුවේ සුවය ලැබු පසුවයි.

“චිත්‍රපටයක රූ ගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිද්දී, ශ්‍රද්ධා අසනීප වී තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය පසුවයි, ඇයට ඩෙංගු රෝගය වැලඳී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රද්ධාට සුවය ලැබෙන තුරු එම චිත්‍රප‍ටයේ වෙනත් දර්ශන රූගත කිරීමට එහි අධ්‍යක්ෂ අමෝල් ගුප්ත කටයුතු යොදා තිබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »