Home / හොලිවුඩ් ගොසිප් / සෙලින් - කෙන්යේ යුග ගීතයක්

සෙලින් - කෙන්යේ යුග ගීතයක්

2018-06-29 12:04:00       667
feature-top

‘ඩෙඩ්පූල්’ චිත්‍රපටය මුලින් ම තිරගත වුණේ 2016 දී. උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වුණු මේ චිත්‍රපටයේ දෙවැනි කොටස ‘ඩෙඩ්පූල් - 2’ යනුවෙන් පසුගිය මාසයේ තිරගතවීම ඇරැඹුණා. මේ වනවිට ‘ඩෙඩ්පූල් - 3’ චිත්‍රපටය නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවක් එම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් තුළ තිබෙනවා.

මෙහි ඇතුළත්විය යුතු ගීතයක් පිළිබඳ අදහස් හුවමාරුවක් මෑතකදී ට්විටර් ජාලය ඔස්සේ සිදුවුණා. මේ කතා බහට එක්වුණේ ඩෙඩ්පූල් චිත්‍රපටවල නිෂ්පාදකවරයෙකු වූ එම චිත්‍රපට යුගළයෙහිම රඟපෑ රයන් රෙනෝල්ඩ්ස් සහ සුපිරි ගායක කෙන්යේ වෙස්ට් අතරයි. මේ කතාබහට එකතු වුණා තවත් සුපිරි තරුවක්. ඇය තමයි, සෙලින් ඩියොන්. ‘ඩෙඩ්පූල් 3’ චිත්‍රපටයක් නිර්මාණය වෙනවා නම් එහි ගීතයක් ගැයීමට කෙන්යේ වෙස්ට් සමඟ එකතු වන්නට කැමැති බවයි, සෙලින් ඩියොන් මේ අදහස් හුවමාරුවට සටහනක් තබමින් ප්‍රකාශ කළේ.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »