Home / හොලිවුඩ් ගොසිප් / පරණ කතාවට කට කතාවක්

පරණ කතාවට කට කතාවක්

2018-06-22 10:02:00       191
feature-top
හැරී කුමරු ගේ ප්‍රිය බිරිය වූ සුපිරි නිළි මේගන් මාක්ල් ගේ සිත තුළ නළියන බලාපොරොත්තුවක් තියෙනවාලු. ඒ තමයි, ඇගේ කුසෙන් බිහිවන බිලිඳාට ඇය දිගුකලක් සුරැකිව තබා ගත් විශේෂ, වටිනා තෑග්ගක් පිරිනැමීම. මේගන් මේ අදහස ප්‍රකාශ කළේ හැරී කුමරු සමඟ පසුගිය මැයි 19 දා විවාහ වීමෙන් පසුව නම් නොවෙයි. ඊට ටික කලකට කළින්. නමුත් සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් රජ පවුලට එක්වූ අලුත් ම මිණිපිරිය සහ ලේලිය වන මේගන් ගේ මේ කතාව විවිධ මාධ්‍ය ඔස්සේ යළි මතු කර ඇත්තේ කට කතාවක් ද පතුරුවමින්. ඇය දැන් මවක වීමේ ලකුණු පහළ කර ඇති බවයි, එයින් කියැවුණේ. ඒ වුණත්, එය අසත්‍ය පුවතක්.

මේගන්, තම කුසෙන් මෙලොව එළිය දකින දරුවාට තමන් සතුව තිබෙන වටිනා අත් ඔරලෝසුවක් තෑගි කරන බව පවසා තිබෙනවා. ඒ, 2015 දී එක්තරා සඟරාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි. මුලින් ම දියණියක ලැබෙයි නම් සතුටු වන බවත් ඇය එදා පවසා තිබුණා. මේ කතාව මුල් කරගෙන තමයි, කට කතාවක් නිර්මාණය වී ඇත්තේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »