Home / හොලිවුඩ් ගොසිප් / ජැනට්ගෙන් පොලිසියට ඉල්ලීමක්

ජැනට්ගෙන් පොලිසියට ඉල්ලීමක්

2018-06-20 10:26:00       559
feature-top
ජැනට් ජැක්සන් ගේ තුන්වැනි විවාහයේ සැමියා විසාම් අල්මානා. මේ යුග දිවියෙන් ලද එක ම සම්පත තමයි ඊසා අල්මානා පුංචි පුතු. ඔහු තව ම ළදරුවෙක් වයස අවුරුද්දයි. ජැනට් - විසාම් විවාහයත් 2017 අප්‍රේල් මාසයේදි බිඳ වැටුණා. ඒ, ඊසා බිලිඳු පුතු ලැබී මාස කිහිපයකට පසුව. මේ වෙන්වීමෙන් පසුව පුංචි පුතා පියා ළඟ හැදී වැඩෙමින් පසුවුණා.

පසුගියදා හදිසියේ ම පොලිසියට දුරකථන ඇමතුමක් දුන් ජැනට් ජැක්සන් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ පුංචි පුතා සැමියා ළඟ සිටින නිසා පුතා ගැන සොයා බැලීමක් කරන ලෙසයි. තම සැමියා සුපිරි හෝටලයක පුතු සමඟ නවාතැන්ගෙන සිටින බව දැන ගන්නට ලැබුණ බවත් පුතුගේ ආරක්ෂාව පතා මේ ඉල්ලීම කරන බවත් ජැනට් පැවැසුවා.

ජැනට් ගේ ඉල්ලීමට කන්දුන් පොලිසිය ඒ ගැන සොයා බැලීමක් කළා. පසුව පොලිස් නිලධාරීන් ජැනට හට දැන්වූයේ පුතා සහ පියා නිරුපද්‍රිතව සිටින බවයි. ඒ සමඟ ම පොලිසිය ජැනට් සහ විසාම් ගෙන් ඉල්ලා සිටියේ දෙදෙනා අතර පවතින මේ අර්බුදය විසඳාගන්නා ලෙසයි.

විසාම් - ජැනට් වෙන්වීම ගැන අදහස් දැක්වූ ජැනට්ගේ සොහොයුරකු වන රැන්ඩි ජැක්සන් පැවසුවේ පුතා ලැබෙන්නට සිටි කාලයේ පටන් ජැනට්, විසාම් ගේ අඩන්තේට්ටම්වලට ලක්වූ බවයි. ජැනට්, සුපිරි තරුවක වූ මයිකල් ජැක්සන්ගේ නැගණියයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »