Home / හොලිවුඩ් ගොසිප් / කඳුළින් නොවැසුණු කැළැල්

කඳුළින් නොවැසුණු කැළැල්

2018-05-25 11:17:00       93
feature-top
ජනප්‍රිය ගායිකා කැරී අන්ඩර්වුඩ්ගේ අලුත් ම ඒකල ගීත එකතුව පසුගියදා එළිදැක්වුණා. ඒ වෙනුවෙන් පැවති ප්‍රසංගයේදී වේදිකාවට ගොඩවී ගීතයක් ගයන්නට ඇය මුල පිරුවේ කඳුළු පිරි දෙනෙතින්.

පසුගිය නොවැම්බර් මාසයේදී මේ සුරූපී ගායිකාව හදිසි අනතුරකට මුහුණ දුන්නා. ඒ නිසා ඇතිවූ තුවාල කැළැල් 40 ක පමණ ප්‍රමාණයක් තම මුහුණෙහි තවමත් සටහන් ව තිබීම නිසයි ඇය මෙලෙස හැඬු කඳුළෙන් යුතුව ගි ගැයුවේ. “මම මේ ගැන සමාව අයදිනවා. මම දන්නවා ඔයාලා මේ කැළැල් දකින්න කැමැති නැති බව. මේ විදිහට මම සංවේදි වුණේ ඒ නිසයි.,, කැරී අන්ඩර්වුඩ් හඬමින් පැවසුවා.

මේ ගායිකාවට අනතුර සිදුවුණේ සිය නිවස අබියස තිබුණු පඩි පෙළකින් ඇද වැටීම නිසයි. එම අනතුරෙන් ඇගේ මුහුණට දැඩි ලෙස තුවාල සිදුවී තිබුණා. රෝහල් ගත කළ පසුව ඇගේ මුහුණට සැත්කමක් කරන්නට වෛද්‍යවරුන්ට සිදුවුණා. එහිදී ඇගේ මුහුණෙහි තුවාල වලට මැහුම් 50 ක් දමන්නට සිදුවූ බවයි පැවසෙන්නේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »