Home / හොලිවුඩ් ගොසිප් / අලුත් ම ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ ලබන වසරට

අලුත් ම ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ ලබන වසරට

2018-05-21 10:28:00       604
feature-top
‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවේ තවත් නිර්මාණයක් ලබන අගෝස්තු මාසයේදී තිරගත වීමට නියමිතයි. මෙහි ප්‍රධාන චරිතයක් රඟන ජේසන් ස්ටැත්හැම් පවසන්නේ මෙම නවතම චිත්‍රපටයේ සටන් ජවනිකා මෙන් ම හාස්‍යයද නොඅඩුව ගැබ් වී ඇති බවයි.

“න‍ළුවෙක් වගේ ම දක්ෂ රෙස්ලින් ක්‍රීඩකයකු හැටියට ප්‍රසිද්ධ ඩ්වේන් ජොන්සන් ද මේ චිත්‍රපටයේ මාත් එක්ක රඟපානවා. ඔහු‍ගේ රඟපෑම් නිසා චිත්‍රපටය වඩාත් ම ජනප්‍රිය වේවි ය කියල මම හිතනවා. මම ඩ්වේන් - ජොන්සන්ගෙ රසිකයෙක්. දැන් එයා ම‍ෙග් කල්‍යාණ මිත්‍රයෙක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩේව් ලීච් ට මගේ ස්තුතිය හිමිවෙනවා. මම ඔහුව හඳුනන්නේ අවුරුදු ගණනක පටන්. ඔහු සැබැවින් ම දක්ෂයෙක්. මේ වගේ දක්ෂ සිනමාකරුවකු එක්ක වැඩ කරන්න ලැබීමෙන් මගේ වෘත්තීය ජීවිතයට අත්වුණේ හොඳ අත්දැකීම් රාශියක්. අධ්‍යක්ෂ ඩේව් වගේ ම ස්ටන්ට් නළුවකු වන චැඩ් ස්ටැහෙල්ස්කි මට සටන් ජවනිකා පුහුණු කළා.” ජේසන් මාධ්‍ය හමුවකදී පැවසුවා. ඩේවිඩ් ලීච් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට එක්වූයේ 2018 පෙබරවාරි මාසයේදීයි. රූගත කිරීම් ඇරැඹුණේ අප්‍රේල් මාසයේදීයි. චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු 2 දා සිට ලොව පුරා තිරගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »