Home / හොලිවුඩ් ගොසිප් / ජැකී ගේ දුවට කාත් කවුරුත් නැහැ

ජැකී ගේ දුවට කාත් කවුරුත් නැහැ

2018-05-17 09:42:00       690
feature-top
පුළුල් තිරය තුළ දැවැන්ත ප්‍රතිරූපයක් මවා ගෙන සිටින ජනප්‍රිය නළු ජැකී චෑන් ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙලා. ඔහුගේ දියණියක වන 18 වැනි වියෙහි පසුවන එටා නැන්ග් දැන් ජීවත් වන්නේ ගෙයක් දොරක් නැති අසරණ යුවතියක විලසින්. පසුගිය සතියේ ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ස්ථිර නිවහනක් නොමැති තමන්, දැන් ජීවත් වන්නේ හොංකොං දේශයේ පාලමක් යට බවයි.

“මාත්, මගේ මිතුරියත් හොංකොංවල පාරවල්වල ඇවිදිමින් තමයි ජීවත් වෙන්නේ. රෑට ඉන්නෙ පාලමක් යට. දැන් මාසයක් තිස්සෙ මෙහෙම ජීවත් වෙනවා. මට මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වීමේ වගකීම දරන්න ඕනෙ මගේ දෙමවුපියන්. මමත්, මගේ යාළුවත් පොලීසියට, ප්‍රජාසේවා මධ්‍යස්ථානවලට ගියා. තවමත් සහනයක් ලැබුණෙ නැහැ. මේ වෙලාවෙ මොනව කරන්නද කියල නිනව්වක් නැහැ. අපි ඉන්න තත්වය ලෝකෙ මිනිස්සු දැන ගන්න ඕනෙ.”

ජැකී චෑන් විවාහ කර ගත්තේ තායිවානයේ සිනමා නිළියක වන ජොආන්ලින්වයි. ඒ, 1982 දී. ඔවුන් දෙදෙනා ගේ පුත්‍රයා ජේසී චෑන්. මේ අතර, ජැකී සහ හිටපු රූ රැජනක වූ එලේන් නැන්ග් අතර හටගත් සබඳතාව නිසා 1999 දී එටා නැන්ග් මෙලොවට බිහිවුණා. එදා මේ දැරිය තනිවම හදා වඩා ගත්තේ එලේන්. මේ වන විට එලේන් ගේ රැකවරණය ද ඇයට අහිමි වෙලා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »