Home / හොලිවුඩ් ගොසිප් / ස්කයි දූපතේ සංචාරයක්

ස්කයි දූපතේ සංචාරයක්

2018-05-10 10:55:00       588
feature-top
ස්කයි දූපත (අයිලන්ඩ් ඔෆ් ස්කයි) සංචාරකයන්ගේ සිත් දිනාගත් දර්ශනීය ස්ථානයක්. එය පිහිටියේ ස්කොට්ලන්තයේ වයඹ ප්‍රදේශයේ. මේ දූපතට පැමිණ විවේකය විනෝදයෙන් ගත කරන්නට සිනමා නළු නිළියන් ද දැඩි ඇල්මක් දක්වනවා.

යොවුන් නිළි එලිසබත් ඔල්සන් ද මේ ස්කයි දූපතේ (අයිලන්ඩ් ඔෆ් ස්කයි) සංචාරය කරන්නට ඇඟිලි ගනිමින් සිටියා. ඇයට ඒ අවස්ථාව උදා වුණේ ‘ඇවෙන්ජර්ස් : ඉන්ෆිනිටි වෝ’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරෙමින් තිබුණු මොහොතකයි. (මේ චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් ම සිදුවුණේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්, ක්වීන්ස් සහ ඇට්ලන්ටා වැනි නගර වලදීයි.)

චිත්‍රපටයේ වැඩ කටයුතු අතරතුර ලැබුණු නිවාඩ‍ුවේදී එහි රඟපෑ නළු නිළියන් සහ ශිල්පීන් කිහිප දෙනකුත් සමඟ ස්කයි දූපතේ සංචාරය කිරීමට පෙරමුණ ගත්තේ එලිසබත්. “මම ස්කොට්ලන්තයට ආදරෙයි. අපිට සතියක නිවාඩුවක් ලැබුණ නිසා ස්කයි දූපතේ සංචාරය කළා. ඒක හරිම ලස්සන අත්දැකීමක්.” එලිසබත් දැඩි සතුටකින් ප්‍රකාශ කළා.

මේ සංචාරයට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ පෝල් බෙටනි ද එක්වුණා. ඔහු ගේ පියා වූ ප්‍රවීණ නළු තේන් බෙටනි ගේ උපන් බිම පිහිටියේ ද ස්කොට්ලන්තයේමයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »