Home / හොලිවුඩ් ගොසිප් / සෙයින් මලික් සේරා ඉවත් කරයි

සෙයින් මලික් සේරා ඉවත් කරයි

2018-05-05 09:42:00       626
feature-top
ජනප්‍රිය ගායක සෙයින් මලික් ගේ කළමනාකාරිනිය ලෙස දිගුකලක් සේවය කළේ සේරා ස්ටෙනට්. ඇගේ සේවය ‘වහාම ක්‍රියාත්මක වන පරිදි’ නවතා දමන්න සෙලින් මලික් පියවර ගෙන තිබෙනවා. සේරාව ඉවත් කළේ ඇයි දැයි පැහැදිලිව ප්‍රකාශ වී නැහැ.

දැනට 25 වැනි වියෙහි පසුවන මේ සුපිරි ගායකයා, සේරාව තම කළමනාකාරිනිය හැටියට පත් කර ගත්තේ 2015 දීයි. සේරා, ‘ෆස්ට් ඇක්සස් එන්ටර්ටේන්මන්ට්’ නම් වූ කළමනාකාරිත්ව සමාගමේ සම අයිතිකාරියක්. සේරාගේ ඉවත්වීම සෙයින් මලික් ගේ ගායන ජීවිතයට අයහපත් ලෙස බලපානු ඇතැයි තතු දන්නා අය පවසනවා. ඔහු අවසන් වරට නිකුත් කළ ‘මයින්ඩ් ඔෆ් මයින්’ නම් වූ ගීත ඇල්බමයේ ප්‍රවර්ධන කටයුතුවලට ද සේරා ගේ ඉවත්වීම හොඳින් ම දැනෙනු ඇතැයි පැවසෙනවා. සෙයින්ගෙන් ඉවත් වූ සේරා පැවසුවේ ඔහු තම වෘත්තීය ජීවිතයේ දී තමන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »