Home / හොලිවුඩ් ගොසිප් / හෑන්ඩ් ෆෝන් පාවිච්චියක් නැහැ

හෑන්ඩ් ෆෝන් පාවිච්චියක් නැහැ

2018-04-26 11:05:00       539
feature-top
‘බැට්මෑන් බිගින්ස්’ සහ ‘ද ඩාක් නයිට්’ වැනි චිත්‍රපට නිර්මාණය කළ ඔස්කා සම්මානයන් සඳහා කිහිප වාරයක් ම නිර්දේශ වූ ප්‍රවීණ සිනමාකරු ක්‍රිස්ටෝපර් නෝලන් පසුගිය සතියේ නව දිල්ලි නුවරට පැමිණියා. ඒ, ඉන්දියානු සිනමාව ගැන කරුණු අධ්‍යයනය කිරීමට සහ එහි සිටින ප්‍රවීණ සිනමාකරුවන් මුණගැසී කතා බහක යෙදීමටයි.

‘මම ඉන්දීය චිත්‍රපට දෙක තුනක් බැලුවා. ගොඩක් බලන්න ලැබුණෙ නැහැ. ඒත් ඒ චිත්‍රපට කීපයෙන් ම මම හොඳ වින්දනයක් ලැබුවා. තවත් ඉන්දියානු චිත්‍රපට බලන්න මම කැමතියි.” ක්‍රිස්ටෝපර් නෝලන් මාධ්‍යයන් අමතමින් කියා සිටියා.

1970 දී උපන් නෝලන්, වයස අවුරුදු හතේ දී තම පියාගේ කැමරාව උප‍යෝගී කරගෙන කෙටි චිත්‍රපට නිර්මාණය කළා. වයස අටේදී ඔහු වඩාත් ප්‍රිය කළ ‘ස්ටාර් වෝස්’ චිත්‍රපටය නරඹා කාටුන් සැකිලි කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා.

නෝලන් කිසි විටෙකවත් ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නැහැ. ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය වලින් ද ඈත්ව සිටින්නෙක්. “අද ලෝකය ඩිජිටල් වෙලා තිබුණත්, මම කැමති සිනමා ලෝකයටයි. ඒක අපේ සමාජයට ගොඩක් සමීපයි. විශේෂයෙන් ම ඇත්ත ජීවිතයට. ඩිජිටල් තාක්ෂණයට ඒක කරන්න බැහැ.” නෝලන් තමන්ගේ මතය එලෙස ප්‍රකාශ කළා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »