Home / හොලිවුඩ් ගොසිප් / වේටර්වරියක වූ නිළිය

වේටර්වරියක වූ නිළිය

2018-04-24 10:26:00       543
feature-top
ඔඩ්රියා අර්ජෝනා නම් වූ මේ සුරූපී යොවුන් නිළිය රඟන අලුත් ම චිත්‍රපටය වන ‘පැසි‍ෆික්රිම් අප්රයිසින්’ පසුගියදා තිරගත කිරීම ඇරඹුවා. ඔඩ්රියා ගේ පියා ගෞතමාලා වේ ජනප්‍රිය ගායකයකු වන රිකාඩෝ අර්ජෝනායි. ඇය, කෙටි මාර්ග ඔස්සේ ජනප්‍රියත්වයට පත්වෙන්න වෑයම් කරන නිළියක් නොවෙයි. දැඩි උත්සාහයකින් යුතුව ජීවිතයට මුහුණ දීමයි, ඇගේ අපේක්ෂාව.

ඔඩ්රියා දැනට නිව්යෝර්ක් නුවර අවන්හලක වේටර්වරියක ලෙස සේවය කරනවා. ඒ අතරම ඇය නිව්යෝක් නුවර පිහිටි ලී ස්ට්‍රාස්බර්ග් නාට්‍ය හා සිනමා අධ්‍යයන ආයතනයේ ශිෂ්‍යාවක හැටියටත් ඉගෙනුම ලබනවා. ‘මහන්සිවෙලා වැඩ කරලා මුදල්වල වටිනාකම ගැන ඉගෙන ගන්නත් මම කැමතියි. මම දවසකට පැය 16 ක්ම වේටර්වරියක හැටියට රැකියාව කරනවා. එහෙම වැඩ කළා ම තමයි, මට තනිවම නැගී සිටින්න පුළුවන් වෙන්නෙ.” ඔඩ්රියා පුවත්පතකට එලෙස පැවසුවා.

ඇය රඟපෑ තවත් අලුත් චිත්‍රපටයක් තමයි, ‘ලයිෆ් ඔෆ් ද පාටි’. මෙය විකට චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිතයක් රඟන, හාස්‍යමය රංගනයන්ට දස්කම් දක්වන මෙලිසා මැකාති සමඟ රඟපෑම තරමක් අසීරු කාර්යයකැයි ඔඩ්රියා පවසනවා.

“මෙලිසා අපි හැමෝටම අම්මා කෙනෙක් වගේ. එයත් එක්ක රඟපාද්දි හිනා නොවී ඉඳීම නම් හරිම අමාරු වැඩක්.” ඔඩ්රියා සිනාසෙමින් පවසනවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »