Home / හොලිවුඩ් ගොසිප් / කැමරන්ගේ විහිළුවක් ගිය දුරක්

කැමරන්ගේ විහිළුවක් ගිය දුරක්

2018-04-07 10:41:00       298
feature-top
ප්‍රවීණ නිළි කැමරන් ඩයස් සිනමා ලෝකයෙන් සමුගන්නා බවට ආරංචියක් පසුගිය දින කිහිපය තුළ පැතිරී ගියේ විදුලි වේගයෙන්. හොලිවුඩ් සිනමාවේ ඇතැම් ජනප්‍රිය නිළියන් ද මේ බව තහවුරු කර තිබුණා. කැමරන් ඩයස් පසුගිය අවුරුදු 5 තුළ කිසිදු චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඉතින් බොහෝ දෙනකු සිතුවේ ම මේ ප්‍රවීණ නිළිය යළි රඟපෑමට නොපැමිණේවිය කියලයි. ඇත්තෙන් ම මෙවැනි ආරංචියකට මුලපිරී ඇත්තේ ඇගේ ම මුවින් පිටවූ වදන් කිහිපයක් නිසයි. එක්තරා රූපවාහිනී චැනලයක වැඩසටහනකට එක්වූ ඇය පැවසුවේ මින් මතුවට චිත්‍රපටවල රඟපෑමට එක් නොවන බවයි. “මම එදා විහිළුවටයි එහෙම කිව්වේ. රංගනයෙන් ඈත්වෙන්න තාම මම හිතලා නැහැ.” කැමරන් සිය ට්විටර් පිටුවෙහි එලෙස සටහනක් තැබුවේ කලබලයට පත් රසික පිරිස ඇගෙන් මේ ගැන විමසන්නට පටන් ගත් පසුවයි.

දැනට 45 වැනි වියෙහි පසුවන මේ සම්මානනීය නිළිය කලා ලොවට පිවිසුණේ වයස අවුරුදු 16 දී නිරූපණ ශිල්පිනියක ‍හැටියටයි. 1994 දී ‘ද මාස්ක්’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට එක්වූ ඇය, අවසන් වරට රඟපෑවේ 2014 තිරගත වුණු ‘ඇනී’ චිත්‍රපටයේ යි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »