Home / හොලිවුඩ් ගොසිප් / තරබාරුවෙන් මිදුණත් එමී දුකෙන්ලු

තරබාරුවෙන් මිදුණත් එමී දුකෙන්ලු

2018-04-05 10:06:00       539
feature-top
“සමහර නිළියන් එයාලගෙ තරබාරුකම අඩුකරගෙන කෙට්ටුවෙන්න හිතාගෙන කෑම කන්නෙ නැතුව ඉන්නවා. මේ අය කාලයක් තිස්සෙ ප්ලෑන් කරගෙන තමයි මේ දෙය කරන්නෙ. මේ ‘බඩගිනි දවස්’ වලට ඒ අය කොහෙවත් යන්නෙ නැහැ. විශේෂයෙන් ම උත්සව, සාද වගේ අවස්ථාවලට යන්නෙ ම නැහැ. මගේ හිතවත් නිළියන් කිහිප දෙනෙක් ම මේ විදිහට ප්ලෑන් කරගෙන තමයි, නොකා නොබී ඉන්නෙ.”

මෙලෙස පැවසුවේ ජනප්‍රිය නිළි එමී ෂුමර්. තමන්ගේ හිතවත් නිළියන් ඒ අයුරින් ‍මෝඩ වැඩ කළත් තමන් එවැනි අනුවණකම් නොකරන බවයි, එමී පවසන්නේ. “ඒ විදිහට සිරුර කෙට්ටුකරගෙන හිටියත් ඒ අය හිතින් දුක් විඳිනවා. ඒත් මම නම් දුකෙන් නෙමෙයි ඉන්නෙ. හැම වෙලාවෙ ම සතුටින්. මම උත්සව වලට යනවා, සම්මාන ගන්නවා. වේශ නිරූපණ ශිල්පීන්ට ඕනෙ හැටියට සිරුර ලස්සන කර ගන්නවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා.” එමී සැහැල්ලු සිනහවක් පාමින් පවසනවා. ඇය පසුගිය මාසයේ විවාහ දිවියට පිවිසුණා. ඇගේ සැමියා, ප්‍රසිද්ධ සූපවේදියෙකු වන ක්‍රිස් ‍ෆිෂර්.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »