Home / හොලිවුඩ් ගොසිප් / අරියානා ගේ ‘හැංගි මුත්තං’

අරියානා ගේ ‘හැංගි මුත්තං’

2018-04-02 10:26:00       559
feature-top
අරියානා ග්‍රාන්ඩේ හැංගි මුත්තං කරන්නෙ ඇයිද කියලා සමහරු අහනවා. මේ අවුරුද්ද ලැබූදාපටන් ම ඇගේ රුව සමාජ මාධ්‍ය ජාල තුළ දකින්න නැහැ. ඇය වෙනත් විද්යුත් මාධ්‍ය මග හරින ගතියකුත් පෙනෙන්න තියෙනවා. අරියානා මේ හැටි සැඟවෙන්න උත්සාහ කරන්නෙ ඇයි?

හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සුපිරි ගායිකාව ගැබ්ගෙන ඇති බවයි. ඇගේ පෙම්වතා මැක් මිලර්. ඔහු රැප් ගායකයෙක්. ගී තැටි නිෂ්පාදකයෙක්. මැක් සහ අරියානා පෙම්වතුන් වුණේ මීට මාස 18 කට පමණ කලින්. ඉතින්, දැන් සමහරු තැන් තැන්වල කසු කුසු ගාන්නේ අරියානාට ලැබෙන්නට සිටින දරුවාගේ පියා මැක් කියලයි. ඕපාදූප කරුවකු මේ ළඟදි හොලිවුඩ් මාධ්‍යයකට පැවසුවේ අරියානා දැන් දෙමස් ගැබිනියක වී සිටින බවයි. අරියාන සහ මැක් තවම විවාහ වී නැහැ. ඒ නිසා අරියානා දැන් බලවත් උත්සාහයක් ගන්නේ තමන්ගේ ගැබිනි බව ලෝකයෙන් වසන් කිරීමටලු. ඇයට සමීප ඇතැම් හිතවතුන් සහ හිතවතියන් පවසන්නේ තවත් සති 20 ක් පමණ ගතවූ පසුව තමන්ගේ සැබෑ තත්වය නිළ වශයෙන් ප්‍රකාශ කිරීමට මේ සුපිරි තාරකාවිය කටයුතු කරනු ඇති බවයි. මේ අතර තවත් පිරිසක් පවසන්නේ පසුගිය වසරේ මැයි මාසයේදී මැන්චෙස්ටර් හිදී සිදුවූ බෝම්බ ප්‍රහාරයන් පසුව අරියානා සමාජ මාධ්‍ය වෙතින් ඈත්ව සිටින බවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »