Home / හොලිවුඩ් ගොසිප් / බ්ලැක් පැන්තර්ට බොක්ස් ඔෆිස් වාර්තා

බ්ලැක් පැන්තර්ට බොක්ස් ඔෆිස් වාර්තා

2018-03-09 11:03:00       268
feature-top
මේ දවස්වල අපේ රටෙත් ප‍්‍රදර්ශනය වෙන බ්ලැක් පැන්තර් හොලිවුඞ් චිත‍්‍රපටය රිලීස් වුණේ පෙබරවාරි 16 වැනිදා. රිලීස් වෙලා දවස් හතරක් තුළ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 442 ක ආදායමක් ලබා දීලා තියෙනවා.
මෙය නිර්මාණය කරන්න වැය වෙලා තියෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල ඉවත් කළාම මේ වෙද්දී ඉන් ලැබී තිබෙන ලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 242 යි.
ප‍්‍රදර්ශනය වෙන්න පටන් අරගෙන දින හතරක් තුළ මේ තරම් විශාල ආදායමක් ලබා දුන්නුු චිත‍්‍රපට අතර දෙවෙනි තැන ලැබිලා තියෙන්නේ මේ චිත‍්‍රපටයට.
පළමු තැන අරගෙන තියෙන්නේ 2015 දි රිලීස් වුණු ‘ස්ටා වොස්, ද ෆෝස් අවේකන්ස්’ චිත‍්‍රපටය. ප‍්‍රදර්ශනය වෙන්න පටන් අරගෙන දින හතරක් තුළ ස්ටා වෝස් ද ෆෝස් අවේකන්ස් නිසා ලබපු ලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 288 ක් විදියටයි වාර්තා වෙලා තිබුණේ. ඉන් ලැබූ මුළු ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවලා තිබුණා.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »