Home / හොලිවුඩ් ගොසිප් / ‘මැගයිවර්’ අලුත් වෙයි

‘මැගයිවර්’ අලුත් වෙයි

2018-03-07 10:28:00       244
feature-top
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර තවමත් ජනප්‍රිය චරිතයක් තමයි, ‘මැගයිවර්’. මේ වීර චරිතය දැන් යළිත් ජාතික රූපවාහිනියෙන් දිස් වෙනවා. මුලින් ම නිර්මාණය වූ ‘මැගයිවර්’ කතා මාලාව තමයි දැන් විකාශය වන්නේ. 1985 සිට 1992 දක්වා විකාශය වූ එම කතා මලාවේ මැගයිවර් ලෙස එදා රඟපෑවේ රිචඩ් ඩීන් ඇන්ඩර්සන්. මේ වන විට 68 වැනි වියෙහි පසුවන රිචඩ් ඩීන්, ලොස් ඇන්ජලීස් නුවර පදිංචිව සිටිනවා. 1976 න් අරැඹුණු ඔහුගේ රංගන ජීවිතය 2013 න් පසුව නිමාවට පත්වුණා. අද ඔහු රංගන කටයුතුවලට එක් වන්නේ නැහැ. යළි මැගයිවර් චරිතය ජීවමාන වන්නේ 2016 දීයි. එම කතා මාලාවේ වීරයා බවට පත්වුණේ ලූකස් ටිල්. මේ වනවිට 27 වැනි වියෙහි පසුවන ලූකස්, රංගනයට එක්වුණේ 2003 දීයි. එතැන් සිට ජනප්‍රිය රූපවාහිනී සහ සිනමා නිර්මාණයන්ට දායක වූ ලූකස් අද වන විට යොවුන් පරපුර අතර ප්‍රසාදයක් හිමිකර ගෙන සිටිනවා.

දැන් සී.බී.එස් රූපවාහිනී නාළිකාව මැගයිවර් කතා මාලාවේ තුන්වැනි අදියර නිෂ්පාදනය කරන්නට තීරණය කර තිබෙනවා. මෙම කතා මාලාවේ මැගයිවර් චරිතයට පණ පොවන්නේත් ලූකස් ටිල්.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »