Home / හොලිවුඩ් ගොසිප් / ක්ලූනි යුවළ ගිනි අවියට එරෙහිව

ක්ලූනි යුවළ ගිනි අවියට එරෙහිව

2018-03-06 11:32:00       247
feature-top
ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ගිනි අවි භාවිතය පිළිබඳ ලිහිල් නීති රීති හේතුවෙන් පසුගිය කාලය පුරා එරට තුළ මිනිස් ඝාතන සිදුවූ බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. මේ නීති රීති දැඩි කරන ලෙස ඉල්ලා සිටින බහුතර පිරිසට සහය දක්වන පා ගමනක් මාර්තු 24 දා ෆ්ලොරිඩා හි පැවැත්වීමට නියමිතයි.

මේ දැවැන්ත පා ගමන වෙනුවෙන් ඩොලර් 500,000 ක මුදලක් සුපිරි හොලිවුඩ් නළු ජෝජ් ක්ලූනි සහ ඔහුගේ බිරිඳ අමාල් ක්ලූනි විසින් පරිත්‍යාග කරන ලද බවයි වාර්තා වෙන්නේ. ඔවුන් දෙදෙනා ගේ නිවුන් දරුවන් වන අට හැවිරිදි එලා සහ ඇලෙක්සැන්ඩ‍ර් වෙනුවෙන් මේ මුදල පරිත්‍යාග කළ බවයි, ක්ලූනි යුවළ පවසන්නේ. “අමාල් සහ මම මේ මුදල පරිත්‍යාග කළේ අපේ රටේ ජීවත්වන තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන්. අපේ මුළු පවුල ම මාර්තු 24 දා පැවැත්වෙන ‘The March for Our Lives’ පා ගමනට එකතු වෙනවා.”

ජෝජ් ක්ලූනි එලෙස සඳහන් කළේ පසුගියදා පාක්ලන්ඩ් හි පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 17 දෙනකු තුවක්කු කරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වී ඝාතනය වීමේ සිද්ධිය යළි සිහිපත් කරමින්.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »