Home / හොලිවුඩ් ගොසිප් / ස්ටැලෝන් යළිත් මරා දමලා

ස්ටැලෝන් යළිත් මරා දමලා

2018-03-05 10:15:00       247
feature-top
සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඔහුගේ නිවස තුළදී හමුවී ඇතැයි ලෝක ප්‍රකට රූපවාහිනී නාළිකාවකින් පසුගියදා ප්‍රකාශ වුණා. නමුත් එය අසත්‍ය පුවතක් බවයි පසුව හෙළිවුණේ. මේ අසත්‍ය ආරංචිය ප්‍රකාශ කළේ කවුරුත් දන්නා සී.එන්.එන්. නාළිකාවයි. ස්ටැලෝන් මිය ගිය බවට මෙවැනි ම අසත්‍ය පුවතක් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදීත් විකාශය වුණා. ඒ පුවතත් ප්‍රකාශ කළේ සී.එන්.එන්. නාළිකාවම තමයි.

සී.එන්.එන්. රූපවාහිනිය මෙවරත් පෙර ලෙසින් ම මේ අසත්‍ය පුවත සිය ෆේස්බුක් පිටුවටත් ඇතුළත් කර තිබුණා. ස්ටැ‍ලෝන් මිය ගොස් ඇත්තේ පුරඃස්ථ ග්‍රන්ථියෙහි හටගත් පිළිකාවක් (Prostate Cancer) නිසා යැයි ද එහි සඳහන් වී තිබුණා. මෙම අසත්‍ය පුවත මුලින් ම ගොතා ඇත්තේ ප්‍රසිද්ධ පුද්ගලයන් මිය ගිය බවට දූෂ්‍යමාන ආරංචි පතුරුවන එක්තරා වෙබ් අඩවියක් යැයි පසුව හෙළිවී තිබෙනවා.

දැනට 71 වැනි වියෙහි පසුවන ස්ටැ‍ලෝන්, මෙම පුවත දැන ගත් පසුව කලබල වූ රසික කැළ වෙත සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් දන්වා සිටියේ මෙවැනි මෝඩ ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙසයි. තමන් තවමත් නිරෝගීව සතුටින් සිටින බවද ඔහු සඳහන් කර තිබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »