Home / හොලිවුඩ් ගොසිප් / රෙබෙකාගේ අපූරු නිදහස

රෙබෙකාගේ අපූරු නිදහස

2018-03-02 10:27:00       524
feature-top
රෙබෙකා ෆර්ගසන් ගේ ප්‍රියතම විනෝදාංශය වී ඇත්තේ ඇය රඟපාන චිත්‍රපටවලට යොදාගන්නා සමහර උපාංගයන් කාටත් නොදන්වාම ලබාගෙන නිවසට රැගෙන යාමයි. ඒවා ඇය සුරැකිව තබා ගන්නේ තම සිනමා දිවියේ සිහිවටන හැටියට සලකමින්. කාටත් නොදන්වා මේවා රැගෙන යාම සොරකමක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා එය නිවැරැදි ක්‍රියාවක් නම් නොවෙයි.

කොහොම වෙතත් රෙබෙකා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඇගේ සිහිවටන අතරට මෑතකදී එකතු වූ හිස් කබලත් එලෙස නොදන්වා රැගෙන ආ එකක් බවයි‍.

“‍මේ හිස් කබල මම අරගත්තෙ ‘හර්කියුලිස්’ චිත්‍රපටයෙ රඟපාන අතරෙදියි. ඇත්තටම මම ඒක හොරකම් කළා. හැබැයි, මම නම් කියන්නෙ ඒක නිදහස් කරගෙන ආවා කියලයි. චිත්‍රපටයෙ රඟපාද්දි මම මේ හිස් කබල දැක්කා. ඒ ගමන මම ඒ චිත්‍රපටයේ පසුතල නිර්මාණ ශිල්පියා ගෙන් ඇහුවා, මම මේක අරගත්තට කමක් නැද්ද කියලා. එහෙම ඇහුවාම එයා මගෙ දිහා පුදුම වෙලා බලන් ඉඳල අහක බලාගෙන ගියා. ඉතින් මම ඒක අරගත්තා.” හිස් කබල ‘නිදහස්’ කරගත් හැටි රෙබෙකා තේරුම් කර දුන්නේ ඔන්න ඔහොමයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »