Home / හොලිවුඩ් ගොසිප් / මිය ගිය ක්‍රීඩකයා සිනමාවට...

මිය ගිය ක්‍රීඩකයා සිනමාවට...

2018-02-28 10:15:00       575
feature-top
ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන මාක් ගෝඩන් මේ දිනවල පසුවන්නේ දැඩි භීතියකින්. ඒ, ඔහුට නාඳුනන පාර්ශ්වයක් වෙතින් මරණ තර්ජන එල්ල වෙමින් පවතින නිසයි. මේ තර්ජන මතුවීමට මුල් වී ඇත්තේ එක්තරා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මාක් ගෝඩන් සූදානම් වෙමින් සිටින නිසයි.

චිත්‍රපටයේ නම, ‘ඕල් ඇමෙරිකන් මර්ඩර්’. මෙය ඇමෙරිකාවේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ ඈරොන් හර්නැන්ඩස් ගේ ජීවිතය තේමාකර ගත් සිනමා නිර්මාණයක්. 1989 දී උපත ලද හර්නැන්ඩස්, ගේ පාපන්දු ක්‍රීඩා දිවියට අ‍නපේක්ෂිතව තිත තැබුණේ ඔඩින් ලොයිඩ් නමැත්තාගේ ඝාතනයෙන් පසුවයි. සැකපිට අත්අඩංගුවට පත්වූයේ හර්නැන්ඩස්. පසුගිය වසරේ අප්‍රේල් මස හර්නැන්ඩස් සිය දිවි හානිකර ගත්තා.

නිෂ්පාදක ගෝඩන් පවසන්නේ හර්නැන්ඩස්ගේ ජීවිතය කේන්ද්‍රකර ගත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට තවත් සිනමාකරුවකු වන ටොඩ් ගුසීගේ බලාපොරොත්තුවක් තිබූ බවයි. එහෙත් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ අයිතිය හිමිවී ඇත්තේ ගෝඩන්ටයි. ඔහු විශ්වාස කරන්නේ මරණ තර්ජන එල්ල වන්නේ ටොඩ් ගැසීගෙන් බවයි. එම නිසා ටොඩ් ගුසී සහ ඔහුගේ පිරිවර තම කාර්යාලයෙන් මීටර් 300 ක පමණ දුරක පිහිටි ස්ථානයක රඳවා තබන්නැයි ගෝඩන් උසාවියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »