Home / හොලිවුඩ් ගොසිප් / විවාහයට වඩා දරු සුරතල් හොඳයිලු

විවාහයට වඩා දරු සුරතල් හොඳයිලු

2018-02-27 09:29:00       532
feature-top
ගායිකා ජෙනිෆර් ලෝපෙස් සහ ප්‍රසිද්ධ බේස් බෝල් ක්‍රීඩකයකු වන ඇලෙක්ස් රොඩ්‍රිගූස් අතර පෙම් සබඳකමක් ඇතිවී දැන් සෑහෙන කාලයක් ගතවෙලා. පසුගිය සතියේදී මේ සබඳකම තව තවත් ශක්තිමත් වූ බවක් පෙනෙන්න තිබෙනවා. නමුත් එයින් හැඟවෙන්නේ ජෙනිෆර් සහ ඇලේක්ස් ගේ විවාහය ළඟදීම සිදුවන බවක් නොවෙයි.

මේ වනවිට 42 වැනි වියෙහි පසුවන ඇලෙක්ස් මීට කලින් සින්තියා ස්කෲටිස් නම්වූ මනෝවිද්‍යා ගුරුවරියක සමඟ 2002 - 2008 අතර කාලයේදී විවාහ වී සිටියා. ඒ විවාහයෙන් ඇලෙක්ස්ට දරුවන් දෙදෙනකු සිටිනවා.

දැනට 48 වැනි වියෙහි පසුවන ජෙනිෆර්, තුන් වරක් විවාහ වී සිටි අයකු බව රහසක් නොවෙයි. ඇය මුලින් ම විවාහ දිවිය ඇරැඹුවේ 1997 දී කියුබානු ජාතික නළුවකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ඔජානි නොආ සමඟයි. නමුත් ඒ විවාහය රැඳු‍‍ණේ වසරක් පමණයි. 2001 දී හොලිවුඩ් නළු ක්‍රිස් ජඩ් සමඟ ජෙනිෆර් විවාහ වුණත්, ඒ යුග දිවිය 2003 දී නිමාවට පත්වුණා. නැවත 2004 දී ඇය විවාහ වූයේ ජනප්‍රිය නළු මාක් ඇන්තනි සමඟයි.‍ එම යුග දිවිය පැවතුණේ 2014 වනතුරු පමණයි. මාක් - ජෙනිෆර් විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටිනවා. ඇලෙක්ස්ටත් ඔහුගේ පෙර විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටින නිසා මේ දරු සුරතල් බලමින් ජීවිතය පුරා ළං වී හිඳින්නලු දෙදෙනාගේ කැමැත්ත. විවාහයක් ගැන දැනට නම් සිතා බලා නැතිලු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »