Home / හොලිවුඩ් ගොසිප් / මැක්‍යුලේගෙන් කඳුළු කතාවක්

මැක්‍යුලේගෙන් කඳුළු කතාවක්

2018-02-07 11:03:00       57
feature-top
මැක්‍යුලේ කුල්කින් ගැන කතා කරද්දී නිතැතින් ම මතකයට නැගෙන්නේ ඔහු ළමා අවධියේ රඟපෑ ‘හෝම් අලෝන්’ චිත්‍රපටයයි. ඒ චිත්‍රපටයේ රංගනයෙන් මුළු ලොවම රසික ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්නට එකළ ඒ ළමා ශිල්පියා සමත් වුණත් ඔහු ගේ සැබෑ ළමා කාලය නම් සතුටින් ගත වී නැහැ.

ඒ බව හෙළිවන්නේ පසුගියදා ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් නිසයි. මැක්‍යුලේ පවසා ඇත්තේ කුඩා අවධියේදී ඔහුගේ පියා ඔහුට වධ හිංසා පැමිණ වූ බවයි. පියා (කිට් කුලිකින්) ගේ හිරිහැර හේතුවෙන් තමන් කායිකව සහ මානසිකව දැඩි පීඩාවකට ලක්වූයේ යැයිද මැක්‍යුලේ පවසා තිබෙනවා. තමන් හොලිවුඩ්පුරයෙන් ‍ඉවත්ව ගියේ ඒ නිසා යැයි ද ඔහු හෙළිකර තිබෙනවා.

“තාත්තා මට ඊර්ෂ්‍යා කළා. එයා මට හරියට පහර දුන්නා. මානසිකවත්, කායිකවත්. මට තාමත් පෙන්නන්න පුළුවන් මගේ ඇඟේ තියෙන කැලැල්.” දැනට 37 වැනි වියෙහි පසුවන මැක්‍යුලේ එලෙස තම වේදනාබර හැඟුම් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඔහු නගන මේ චෝදනාවලට ඔහුගේ පියා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »