Home / හොලිවුඩ් ගොසිප් / ඔස්කා ඉතිහාසය වෙනස් කළ රැචල්

ඔස්කා ඉතිහාසය වෙනස් කළ රැචල්

2018-02-05 10:36:00       52
feature-top
ඔස්කා සිනමා සම්මාන උලෙළේ ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී කිසිම අවස්ථාවකදීවත් කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් කාන්තාවකගේ නම සම්මානයක් සඳහා නිර්දේශ වී නැහැ.

ඒත්, 2017 වසර වෙනුවෙන් පැවැත්වීමට නියමිත 89 වැනි ඔස්කා (ඇකඩමි) සම්මාන උළෙලට කැමරා ශිල්පිනියක්ව නිර්දේශ වී තිබෙනවා. ඒ, ශිල්පිනිය තමයි, රැචල් මොරිසන්. ඇය රූගත කර ඇත්තේ ‘මඩ් බවුන්ඩ්’ නම් වූ චිත්‍රපටයයි. ඔස්කා සම්මාන ඉතිහාසය වෙනස් කරන්නට සමත්ව සිටින රැචල්, මේ ගැන කතා කළේ දැඩි සතුටකින්.... “චිත්‍රපට කැමරාකරනය විතරක් නෙමෙයි. කොයි දේකින් වුණත් කාන්තාවන්ට ඉදිරියට යන්න පුළුවන්. කාන්තාවන්ගේ මේ ගමන නවත්වන්න බැහැ. මම කැමැතියි, ඉදිරි කාලයේදි කැමරා ශිල්පිනියක් හැටියට අපිව හඳුන්වනවාට වඩා කැමරා අධ්‍යක්ෂ කියලා හඳුන්වනවට.

රැචල් මොරිසන් රූගත කළ ‘මඩ් බවුන්ඩ්’ චිත්‍රපටය වෙනුවෙන් ඇයට නිව්යෝක් සිනමා විචාරක සංසදය හොඳම කැමරා ශිල්පිනියට හිමිවන සම්මානය පිරිනමා තිබෙනවා. ඇය මුලින් ම කැමරා අධ්‍යක්ෂණයට පිවිසුණේ 2002 දී තිරගත වූ ‘ඇල්චිමී’ නම් වූ කෙටි චිත්‍රපටයට දායක වීමෙන්.

මෙවර ඔස්කා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ මාර්තු 04 දායි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »