Home / හොලිවුඩ් ගොසිප් / අසුරු සැණින් පැපරාසි වැඩක්

අසුරු සැණින් පැපරාසි වැඩක්

2018-01-16 10:43:00       110
feature-top
1994 දී විකාශය වූ ‘බේ වොව්’, ජනප්‍රිය ටෙලිනාට්‍ය මාලාවේ රඟපෑ ජනප්‍රිය නිළියක් වන ඇලිෂියා ආඩන්ට මෑතකදී චිත්‍රපට රූගත කිරීමකට සහභාගිවී ප්‍රිය සම්භාෂණ දෙක තුනකට යන්නටත් සිදුවී තිබුණා. මුලින් ම තිබුණු සාදයට පැමිණ ටික වේලාවක් ගතකර ඊළඟ සාදයටත් ඇය පිටත්ව ගියා. මේ දෙවැනි සාදයට යද්දී ඇය කල්පනා කළේ තුන් වැනි සාදයට වෙනත් ඇඳුමක් හැඳ සහභාගිවීම වඩාත් උචිත නේද කියලයි.

මේ ගැන හිත යොමු කළ ඇලිෂියා, දෙවැනි සාදයෙන් සමුගෙන මෝටර් රථය ටික දුරක් ධාවනය කළා. තුන් වැනි සාදයට ගැළපෙන රෝස පැහැති ඇඳුමක් මෝටර් රථයේ තිබුණා. ඇය තම වාහනය පාළු ස්ථානයක නතර කළා. ඉක්මනින් ඒ අලුත් ඇඳුම අතට ගෙන පැත්තකින් තබා එතෙක් හැඳ සිටි ඇඳුම ඉවත් කළේ ක්ෂණයකින්. මේ වනවිට ඇය ලුහුබැඳ පැපරාසියකු පැමිණ සිටියා. ඔහුගෙන් ගැලවීමක් තිබුණේ නැහැ. ඇලිෂියා තම ඇඳුම ඉවත් කර ‍රෝස පැහැති ගවුම ඇඟලා ගන්නටත් පෙර මෝටර් රථය සමීපයට පැමිණි පැපරාසියා, තම කැමරාව ක්‍රියාත්මක කළා. එහි සටහන් වුණේ ඇගේ අඩ නිරුවතයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »