Home / හොලිවුඩ් ගොසිප් / කතන්දර අහමින් නිදන ‘බර්ඩී’

කතන්දර අහමින් නිදන ‘බර්ඩී’

2018-01-11 10:41:00       109
feature-top
සුනඛ සුරතලා නිදි කරවන්න දක්ෂ නිළියක් සිටිනවා. ඇගේ නම ජෙනිෆර් ගානර්. මේ ජනප්‍රිය නිළියගේ ප්‍රියතම විනෝදාංශය තමයි, තමන්ගේ සුනඛ සුරතලා වන ‘බර්ඩි’ට නිදිමත එනතුරු නොයෙකුත් කතන්දර පැවැසීම. කතන්දර කීමට ජෙනිෆර් කොතරම් දක්ෂදැයි කිවහොත් ඇගේ කතන්දරයට කන් යොමා සිටින ‘බර්ඩි’, විනාඩි කිහිපයකින්ම ඇගේ උකුල මත නින්දට වැටෙනවාලු.

ජෙනිෆර් මේ බව කීවේ ඇය විසින් නිර්මාණ්‍ය කරන ලද වීඩියෝ එකතුවක තවත් නිර්මාණ කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඇතුළත් කරමින්. මේ අලුත්ම වීඩියෝ දර්ශනවලින් එකක් වන ‘බුක්ස් විත් බර්ඩී’ අන්තර්ජාලයේ බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා. මෙම වීඩියෝවෙන් ඇය පොත් කිහිපයක් පිළිබඳව සඳහන් කරමින් පවසන්නේ ඒ පොත්වල ඇති කතන්දර ඇසීමට ‘බර්ඩී’ වැඩි කැමැත්තක් දක්වන බවයි. බර්ඩීව ළඟට ගෙන කතන්දර කියන විට ඇය ටිකෙන් ටික නින්දට වැටෙන අයුරුත් ඉන් පසුව ගොරවමින් නිදන අයුරුත් ජෙනිෆර් අපූරුවට කැමරාවට මුසු කර තිබෙනවා. ඉන් පසුව බර්ඩිගේ කුසට සෙමින් තට්ටු කරන ජෙනිෆර් ‘ස්වීට් ඩ්‍රීම්ස්, බර්ඩි’ යනුවෙන් කොඳුරන අයුරු ද මේ වීඩියෝවෙන් දැකගත හැකියි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »