Home / හොලිවුඩ් ගොසිප් / ක්‍රිකට් පිපාසයක්

ක්‍රිකට් පිපාසයක්

2018-01-09 10:23:00       63
feature-top
‘ජුමාන්ට් : වෙල්කම් ටු ද ජන්ගල්’ හොලිවුඩ් සිනමාවට එක්වූ තවත් අලුත් චිත්‍රපටයක් පසුගිය 20 දා සිට තිරගත කිරිම ඇරැඹු මේ චිත්‍රපටයේ ඩ්වේන් ජොන්සන් ද ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මුළු ලොව පතළ වූ සුප්‍රකට ‘බේ වොච්’ ටෙලි නාට්‍ය මාලාවේ නව නිෂ්පාදනයේ ප්‍රියංකා චොප්රා සමඟ ද ඩ්වේන් රඟපෑවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන්නේ දැඩි ඇල්මක්. නුදුරු දිනයකදීම තම දෑතට ක්‍රිකට් පිත්ත සහ පන්දුව හුරු කරගන්නා බවයි, මේ හොලිවුඩ් නළුවා පවසන්නේ.

“මාව ප්‍රිය කරන රසික රසිකාවියන් මිලියන ගණනක් ඉන්දියාවේ ඉන්නවා. ඒ අය මම රඟපාපු චිත්‍රපට පහුගිය අවුරුදු කිහිපය තිස්සේම නැරැඹුවා. ඉතින් ඒ අය ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩාව පුරුදු වෙන්න මට හිතුණා. මේ ක්‍රීඩාවේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේදී පාවිච්චි කරන වචන, විනිශ්චයකරුවන්ගේ සංඥා මේ වගේ දේවල් මට ඉගෙනගන්න වෙනවා.” ඩ්වේන් ජොන්සන් තම ක්‍රිකට් පිපාසය එලෙස හෙළි කළේ ‘ජුමාන්ජි’ චිත්‍රපටය වෙනුවෙන් නිකුත් කළ වීඩියෝවටයි. හාස්‍යය මුසු වූ ත්‍රාසජනක කතාවක් රැගත් ‘ජුමාන්ජි’ චිත්‍රපටයේ රොබින් විලියම්ස්, ජැක් බ්ලැක්, කෙරෙන් ගිලාන් ඇතුළු තවත් නළු නිළියන් රැසක් ද රඟපානවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »