Home / හොලිවුඩ් ගොසිප් / මාරියාත් එක්ක නිවුන් හඬවල් දෙකක්

මාරියාත් එක්ක නිවුන් හඬවල් දෙකක්

2017-12-29 12:03:00       534
feature-top
සුපිරි ගායිකා මාරියා කැරේ පසුගිය සතියේ නිව්යෝක් නුවර the beacon theatre හි දී උණුසුම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මැද්දේ 'all i want for christmas’ නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා. මෙහිදී ඇය සමඟ ගී ගයන්නට එක්වුණේ ගායක බ්‍රයන් ටනාකායි. ඔහු තමයි දැන් මාරියා ගේ පෙම්වතා වී සිටින්නේ.මේ සුපිරි ගායිකාව තමන්ගේ නව පෙම්වතා සමඟ ඉතා ම සතුටින් ගී ගයමින් නටන අයුරු දුටු රසික පිරිස ගෙන් වරින් වර ලැබුණේ ඔල්වරසන් නාද මාලාවක්. මේ ප්‍රසංගයේදී මාරියා තමන් ගේ ‘emotions- we belong together’hero’ යන ජනප්‍රිය ගීත ගායනා කළා.

ඒ විතරක් නොවෙයි මාරියා සය හැවිරිදි තම නිවුන් දරුවන් දෙදෙනාවත් (මොන්රෝ සහ මොරොකාන් )ප්‍රසංගයට සහභාගි කර ගත්තා. පොඩිත්තන් දෙදෙනා මාරියා සමඟ අත්වැල් ගායනයට එකතු වුණා. ඒ ඇගේ අලුත්ම ගීතය ‘the star ’ගායනා කරන්නයි. මීට පෙර වසරේදී ද මේ දරුවන් දෙදෙනා මාරියාගේ ප්‍රසංගවලට ගායනයෙන් එකතු වී තිබෙනවා. 'හුඟ කාලෙකට පස්සෙ මගේ ප්‍රසංගයක් බලන්න ආව ට ඔයාලට ස්තුතියි' සහභාගිත්වය මම අගය කරනවා 'මාරියා රසික ජනතාවට තුති පුද කළා'පසුගිය කාලයේ ස්වසන ආබාධයකින් පසුවූ නිසා වෛද්‍ය උපදෙස් මත තම ගී ප්‍රසංග තුනක් අවලංගු කරන්න මාරියාට සිදුවුණා. දැන් ඇගේ අසනීප තත්ත්වය දුරුවෙලා. ළඟදීම පැරිස්, මැන්චෙස්ටර්, ලන්ඩන් සහ ලාස් වේගාස් යන නගරවල ප්‍රසංග පවත්වන්නයි බලාපොරොත්තුව.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »