Home / හොලිවුඩ් ගොසිප් / කර්ක් ඩග්ලස් ට 101යි

කර්ක් ඩග්ලස් ට 101යි

2017-12-26 12:00:00       110
feature-top
ජනප්‍රිය නිළි කැතරින් සීතා ජෝන්ස් ගේ මාමණ්ඩිය තමයි ප්‍රවීණ නළු කර්ක් ඩග්ලස් (ප්‍රවීණ නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදක මයිකල් ඩග්ලස් ගේ පියා) පසුගියදා ඔහු 101වැනි උපන් දිනය සැමරුවා. මේ වෙනුවෙන් උපන් දින සාදයක් සංවිධානය කළත් කැතරින් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් මාමණ්ඩිය ට සුබ පැතුවා. කැතරින් ඔහු සමඟ පෙනී සිටි ඡායාරූපයක්ද ඒ සමඟම එක් කර තිබුණා.'අද මගේ ආදරණීය තාත්තා ට 101ක් පිරුණා. ඔබට මගේ හදවතින් ම සුබ පතනවා. සීතා ජෝන්ස් එලෙස සටහන් කර තිබුණා.

කර්ක් සිනමා රංගනයට පිවිසුණේ 1946දී තිරගත වූ (the strange love of martha lovers)’චිත්‍රපටයෙන්. 1960දී තිරගතවූ (spartacas)’ චිත්‍රපටයේද ඔහු රඟපෑවා. කර්ක් ගේ නම ඔස්කාර් සම්මාන සඳහා තුන් වරක් නිර්දේශ වී තිබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »