Home / හොලිවුඩ් ගොසිප් / මිස්ටර් බීන් ට යළි පිය පදවිය

මිස්ටර් බීන් ට යළි පිය පදවිය

2017-12-15 10:55:00       111
feature-top
මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් වෙනවලු. මේ ආරංචිය මිස්ටර් බීන් ගේ චරිත නිරූපණයක් කියල නම් හිතන්න එපා. මෙය ඇත්තක්. මිස්ටර් බීන් ගේ චරිතයට පණ දෙන රෝවන් ඇටිකින්සන් ගේ දෙවැනි බිරියට තමයි මේ දරුවා ලැබෙන්නෙ. හැබැයි දැන් නම් රෝවන් ඇටිකින්සන් ගේ වයස අවුරුදු 62 ක්. රෝවන් මීට පෙර විවාහ කරගෙන සිටියේ සුනේත්‍රා ශාස්ත්‍රි වයි ඇය බී බී සී රූපවාහිනියේ වේෂ නිරූපණ ශිල්පිනියක්. රෝවන් සහ සුනේත්‍රා ගේ විවාහ දිවියට වසර 25 ක් පිරෙද්දී 2013 දී දෙදෙනා වෙන් වුණා.

එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනකු සිටිනවා. වැඩිමලා ( බෙන් ) ගේ වයස අවුරුදු 25 යි. දියණිය ලිලී ගේ වයස 21 ක්. තම පියා නැවත වතාවක් පියකු වන්නට යන බව දැන ගත් ලිලී වහාම තම වාසගම වෙනස් කර, ඇටිකින්සන් වෙනුවට ශාස්ත්‍රී ලෙස තම මවගේ වාසගම යොදා ගත්තා. “මේක හරිම පුදුම දෙයක් මෙච්චර කාලයක් ලිලී ඇටිකින්සන් වුණ මම දැන් ලිලී ශාස්ත්‍රී. තාත්තා අපෙන් වෙන් වීම ඇත්තටම දුකක් ” ලිලී පැවසුවා. රෝවන් ඇටිකින්සන් දැන් විවාහ කරගෙන සිටින්නේ ලුවිස් ෆෝර්ඩ්. ඇය චැනල් 4 රූපවාහිනියේ නිවේදිකාවක්.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »