Home / හොලිවුඩ් ගොසිප් / පෙනිලෝප් ගේ අලුත්ම රංගනය

පෙනිලෝප් ගේ අලුත්ම රංගනය

2017-12-14 10:42:00       113
feature-top
ජනප්‍රිය රහස් පරීක්‍ෂක නවකථා රචිකාවියක වූ අගතා ක්‍රිස්ටි ලියූ කතාවක් ඇසුරින් නිර්මාණය කෙරෙන “මර්ඩර් ඉන් ඔරියන්ටි එක්ස්ප්‍රස් ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ වරම ජනප්‍රිය නිළි පෙනිලෝප් කෲස්ට හිමි වී තිබෙනවා. ඇය එහි රඟන්නේ රහස් පරීක්‍ෂක වරියකගේ චරිතයක්. මෙම නවකථාව අගතා ක්‍රිස්ටි රචනා කර ඇත්තේ 1934 දීයි. එය ඇසුරින් “මර්ඩර් ඉන් ඔරියන්ටි එක්ස්ප්‍රස් ” මුල්ම චිත්‍රපටය 1974 දී නිර්මාණය වී තිර ගතවී තිබෙනවා. ඉන් පසුව 2001 දී රූපවාහිනී චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ මෙය 2010 දී ටෙලි වෘත්තාන්තයක් ලෙස විකාශය වුණා. “එම චිත්‍රපටයේ එක දර්ශනයක මමයි තව කිහිප දෙනකුයි වැගන් එකක හිරවෙලා ඉන්නවා. අද චිත්‍රපටිය බලද්දී මටම බය හිතූණා. ඒත් මේ චිත්‍රපටිය ලන්ඩන් වල රූ ගත කළ මාසයක විතර කාලය තුළදී හොඳ අත්දැකීමක් ලැබුවාය කියලයි මම හිතන්නෙ. ” පෙනිලෝප් එලෙස කීවේ “මර්ඩර් ඉන් ඔරියන්ටි එක්ස්ප්‍රස් ” මංගල දර්ශනය නැරඹීමෙන් පසුවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »