Home / හොලිවුඩ් ගොසිප් / ග්‍රැමී සම්මාන තරග බිම සූදානම්

ග්‍රැමී සම්මාන තරග බිම සූදානම්

2017-12-13 10:29:00       110
feature-top
ගී ලොව එකලු කරන ග්‍රැමි සම්මාන උළෙල 60 වැනි වතාවටත් පැවැත්වීමට නියමිතයි. ලබන ජනවාරි 28 වැනි දින නිවියෝක් හි මැඩිසන් චතුරස්‍ර උද්‍යානයේ දී ජය දද බඳින මේ මියුරු රාත්‍රියේදී පිරිනැමෙන සම්මාන වෙනුවෙන් නිර්දේශිත ගායක ගායිකාවන්ගේ නම් දැනටමත් ප්‍රකාශයට පත්වී හමාරයි. ඒ අනුව මෙවර සමිමාන උළෙලට නිර්දේශිත නම් වලින් වැඩිම සම්මාන ප්‍රමාණයකට යෝජනා වී ඇත්තේ සුපිරි ගායක ජේ – ඉසෙඩි ගේ නමයි. මෙහිදී සිදුවී ඇති තවත් විශේෂත්වයක් වන්නේ ගායිකා කැටී පෙරී ගේ නම කිසිදු ප්‍රධාන සම්මානයකට නිර්දේශ නොවීමයි.

ජේ – ඉසෙඩි ගේ “4 ‐ 4 ” වසරේ හොඳම ගීත ඇල්බමය ට හිමිවන සම්මානයට නිර්දේශ වී තිබෙන අතර, මෙහි ඇතුළත් වන “ද ස්ටෝරි ඔෆ් ඔි - ජේ ” ගීතය වසරේ හොඳම ගීතයට හිමිවන සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

“4 ‐ 4 ”ගීත ඇල්බමය සමඟ තරග වදින්නේ බෲනෝ මාස් ගේ “24 කේ මැජික් නවසීලන්ත පොප් ගායක ලෝඩිස් ගේ “මෙලෝ ඩ්‍රාමා”), චයිල්ඩිෂ් ගැමිබිනෝ ගේ “අවේකන් මයි ලව්”සහ කෙන්ඩ්‍රීක් ලාමා ගේ “ඩෑම්” යන ගීත ඇල්බම යි. මෙම සම්මාන උළෙලේදී සැලකිල්ලට ගෙන ඇත්තේ 2016 ඔක්තෝබර් සිට 2017 සැප්තැමිබර් අතර කාලය තුළදී නිර්මාණය වූ ගීතයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »