Home / හොලිවුඩ් ගොසිප් / තවත් ගිලියන් කෙනෙක්

තවත් ගිලියන් කෙනෙක්

2017-12-12 10:59:00       110
feature-top
“එක්ස් ෆයිල්ස්” (X - Files) ටෙලි නාට්‍ය මාලාව නිසා ලාංකික ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වූ සුපිරි නිළි ගිලියන් ඇන්ඩර්සන් පසුගියදා ලන්ඩන් නුවර සිනමා හලකට ගොඩවුණේ තම යොවුන් දියණියත් එක්කයි. ඒ ‘ද ක්‍රවුන් ‘ නම් වූ ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ දෙවැනි අදියරේ මංගල දර්ශනයක් නරඹන්නටයි. (මෙම ටෙලි නාට්‍යය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් රැජන කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූවක් ).

ගිලියන් ගේ දියණියගේ නම පිපර් මේරු කෝල්ටිස්. 29 වැනි වියෙහි පසුවන ඇගේ ස්වරූපය බෙහෙවින්ම ගිලියන් ට සමානයි. පිපර් ගේ පියා කැනේඩියානු ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂවරයකු වන ක්ලයිඩි කෝල්ටිස් ඔහු සහ ගිලියන් විවාහ වී සිටියේ 1994 - 1997 අතර කාලයේදීයි 1997 දී ක්ලයිඩි ගෙන් වෙන්වූ ගිලියන් 2004 දී ජුලියන් ඔසේන් නමි වූ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා සමඟ විවාහ වුණා. නමුත් ඒ විවාහය 2006 දී අවසන් වුණා ගිලියන් ට තවත් දරුවන් දෙදෙනකු සිටිනවා. ඒ මාක් ග්‍රිෆිත් නම් වූ ව්‍යාපාරිකයා සමඟ දිවිගෙවූ කාලයේදියි. ගිලියන් මෑතකදී හෙළි කර සිටියේ තමන් මානසික රෝගී තත්වයකින් පෙළෙමින් සිටිය බවයි “මේ අසනීපයෙන් හිටිය දවස්වල මම කාලය ගත කළේ හරිම අපහසුවකින්. මට ඒ දවස්වල ගෙදරින් එළියට යන්න හිතුණෙ නැහැ.” ගිලියන් සිනමා ශාලාවෙන් පිටව යද්දී මාධ්‍යවේදියකු සමඟ පැවැති කෙටි කතා බහකදී පැවසුවා. කෙසේ වෙතත් ඒ අඳුරු අතීතය මුළුමනින්ම හෙළිකරන්නට අකැමැති ඇය පැවසුවේ ඒ තොරතුරු යම් දවසක හෙළි කරන්නේ තමන් විසින් ලියනු ලබන ග්‍රන්ථයකින් යැයි ඇය කියා සිටියා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »