Home / හොලිවුඩ් ගොසිප් / ජෙනිෆර් වැඩිය කැමැති එළුකිරිවලටලු

ජෙනිෆර් වැඩිය කැමැති එළුකිරිවලටලු

2017-12-11 11:21:00       240
feature-top
සිනමා රංගනයට විරාමයක් තබන්න සුපිරි නිළි ජෙනිෆර් ලෝරන්ස් සැරසෙනවා. හොලිවුඩ් පුරයෙන් මඳකට සමුගෙන තමන් උපන් ගම් ප්‍රදේශයට ගොස් ගොවිපොළක් මිලදී ගෙන එහි වැඩ කටයුතු බලා කියාගෙන කාලය ගත කරන්නලු ඇය වඩාත් ම කැමැති. “මට දැන් අවශ්‍ය ෆාම් එකක් අරගෙන වැඩ කරන්නයි. විශේෂයෙන්ම එළුවන් ඇති කරලා කිරි ගන්න මම කැමැතියි ” රංගනය වෙනුවෙන් ලොව වැඩිම මුදලක් අය කරන ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද ජෙනිෆර් මෙලෙස කීවේ ඇමරිකානු ඔන්ලයින් පුවත් පතකටයි. ‘එලී‘ නම් වූ එම පුවත් පත පවසන්නේ දේශපාලන කටයුතු වලට පිවිසීමේ කැමැත්තක්ද ඇය තුළ තිබෙන බවයි. ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකතු වී නාස්තිය සහ දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ජෙනිෆර් තීරණය කර ඇති බව ඇය පැවසුවේ යැයිද එම පුවත් පත සඳහන් කර තිබුණා. 1990 අගේස්තු 15 දා ඇමරිකාවේ කෙන්ටකි ප්‍රදේශයේ ගැමි පරිසරයක හැදුණු වැඩුණු ජෙනිෆර් අධ්‍යාපනය ලැබුවේද ඊට ආසන්න ප්‍රදේශයක පිහිටි පාසලකයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »