Home / හොලිවුඩ් ගොසිප් / ජේ-ඉසෙඩ්ට ඉහළ සම්මානයක්

ජේ-ඉසෙඩ්ට ඉහළ සම්මානයක්

2017-12-01 11:28:00       88
feature-top
රැප් ගායක ජේ. ඉසෙඩ් ළඟදීම ගෞරව සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතයි. ඒ, ග්‍රැම් සම්මාන උලෙළට පෙර පැවැත්වෙන විශේෂ උත්සව අවස්ථාවේදීයි. හොලිවුඩ් ආරංචිවල සටහන් වන්නේ ලබන ජනවාරි 27 දා පැවැත්වෙන මේ උත්සවයේදී ක්ලයිව් ඩේවිස් අතින් ජේ - ඉසෙඩ් වෙත ගෞරව සම්මානය පිරිනැමෙන බවයි.

ජේ - ඉසෙඩ් කිහිප වතාවක් ම ග්‍රැමි සම්මානය දිනාගත් රැප් ගායකයෙක්. ඔහු විසින් සංගීත ලොවට පමණක් නොවෙයි, මානව හිතවාදියෙකු ලෙස සමාජ සේවා කටයුතුවලට දැක්වූ අනගි දායකත්වය අගය කරමින් ද මේ සම්මානය පිරිනැමෙන බවයි පැවසෙන්නේ. මේ අවස්ථාව ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මේ සම්මානය පිරිනැමීමත් සමඟම මීට පෙර මෙවැනි ම සම්මානයන්ගෙන් පිදුම් ලද ක්ලයිව් ඩේවිස්, හර්බ් ඇල්බට්, ජෙරී මොස් ඇතුළු සංගීත ලොවට අගනා මෙහෙයක් ඉටු කළ ගෞරවනීය පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට ජේ - ඉසෙඩ්ගේ නාමයත් එක්වෙනවා.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »