Home / හොලිවුඩ් ගොසිප් / රහ‍ෙස් ම කේරළයට ඇවිත්

රහ‍ෙස් ම කේරළයට ඇවිත්

2017-11-30 11:06:00       692
feature-top
ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය නිළි හැලී බෙරී පසුගියදා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සුපිරි හෝටලයකට පැමිණ කෙටි නිවාඩුවක් ගත කළා. මෙවැනි සම්මානනීය නිළියක් පැමිණෙන බව කිසිවෙකු දැන සිටියේ නැහැ. මුහුදු වෙරළ සමීපයෙහි පිහිටි සුපිරි හෝටලයට තම හිතවතුන්, හිතවතියන් කිහිප දෙනෙකු සමඟ පැමිණි හැලී, මුහුදු වෙරළේ විනෝදයෙන්, සැහැල්ලුවෙන් ගත කළා.

“හැලි, එයාගෙ පිරිසත් එක්ක මේ හෝටලයේ දවස් දෙකක් ගත කළා. එයා මුහුදු වෙරළට ගියත් කවුරුවත් අඳුර ගත්තෙ නැහැ. අපිත් කිසිම කෙනෙකුට කිව්වෙ නැහැ, මේ කවුද කියලා. ඒ නිසා එයාට කිසි ම කරදරයක් නැතුව නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වුණා. බෝට්ටු සවාරියකුත් ගියා.” හැලි ගේ අප්‍රකට සංචාරයේ වගතුග එලෙස හෙළි කළේ ඇය නවාතැන් ගත් හෝටලය් නිලධාරියෙක්. ඉන්දියාවෙන් නික්ම ගිය පසුව ඇය තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි එම සංචාරයේ දී ගත් ඡායාරූප පළ කර තිබුණා. ඇය, හොඳ ම නිළිය ලෙස ඔස්කා සම්මානය දිනා ගත්තේ 2002 දීයි. ඒ, ‘මොන්ස්ටර්ස් බාල්’ චිත්‍රපටයේ රඟපෑමෙන්.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »