Home / හොලිවුඩ් ගොසිප් / තොප්පියට ඉහළ මිලක්

තොප්පියට ඉහළ මිලක්

2017-11-29 11:39:00       232
feature-top
ගායිකා, බෙයොන්සෙ නෝස් ගැයූ ‘ෆෝමේෂන්’ නම් වූ ගීතය ඇතුළත් වීඩියෝ දර්ශනවල ඇය පැළඳ සිටින තොප්පිය මෑතකදී ඉහළ මිලකට අලෙවි වී තිබෙනවා. පෙනහලු බද්ධ කිරීමේ සැත්කම් සිදු කළ යුතු රෝගීන්ට ආධාර පිණිස පැවැත්වූ ප්‍රසිද්ධ වෙන්දේසියකදීයි බෙයොන්සේ පැළඳි තොප්පිය එලෙස අලෙවි වී තිබෙන්නේ. එය අලෙවි වී ඇත්තේ ඩොලර් 27,500 කට බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ ‘ෆෝමේෂන්’ තොප්පියේ අපූරුවට නිමවා තිබුණු සුදු පැහැති බෝඩරයක් කළු පැහැති රිබන් පටියක් නිසා එය තව තවත් අලංකාර වී තිබුණා. මේ සුපිරි ගායිකාව විසින් තබන ලද ‘All my Love’ නම් වූ සටහනත් ඇ‍ෙග් අත්සනත් නිසා මේ තොප්පියේ වටිනාකම ඉහළ යන්නට ඇති. මුලින් ම මෙය වෙන්දේසියට එක් කර තිබුණේ ඩොලර් 2000කට. නමුත් වෙන්දේසිය ඇරඹී ටික වේලාවක් ගත වෙද්දී එහි වටිනාකම ඩොලර් 27500 ක් දක්වා ඉහළ ගියා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »