Home / හොලිවුඩ් ගොසිප් / පිළිගැනීම පළිගැනීමක් වෙයි


පිළිගැනීම පළිගැනීමක් වෙයි


2017-11-13 09:21:00       687
feature-top
පසුගිය සති කිහිපය තුළ හොලිවුඩි චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරුන් කිහිප දෙනකුට ම ලිංගික අපචාර චෝදනා එල්ල වුණා. මේ චෝදනා ඇරැඹුණේ චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ චිත්‍රාගාර හිමියකු වන හාවේ වින්ස්ටීන් ගෙන්. ඔහු ජනප්‍රිය නිළියන් කිහිප දෙනකුටම අතවර කර ඇතැයි චෝදනා එල්ල වුණා.

මෑතකදී එවැනි චෝදනා ලැබුවේ චිත්‍රපට අධ්‍යක්‍ෂ බ්‍රෙටි රැටිනර්. ඊට කලින් ජේමිස් ටොබැක් නම් වූ අධ්‍යක්‍ෂවරයාටද ලිංගික අපචාර චෝදනා එල්ල වුණා.දැන් දකින්න ලැබෙන්නේ ඔවුන්ට චෝදනා එල්ල කළ සහ එම අතවර හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළ නිළියන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලියක්.

පසුගිය සතියේ එවැනි පළිගැනීමකට ලක්වූ ජනප්‍රිය නිළියක වන්නේ වොන්ඩර් වුමන් චිත්‍රපටයේ රඟපෑමෙන් ජනප්‍රිය වූ ගාල් ගැඩොටි. පසුගියදා ලොවිස් හොලිවුඩි හොටෙල් හි පැවැති සම්මාන උළෙලකට සහභාගිවූ ගාල් ගැඩොටි ව එතැනින් ඉවත් කර තිබෙනවා. අධ්‍යක්‍ෂ බ්‍රෙටි රැටිනර් ට “ ට්‍රී

ඔෆ් ලයිෆ් ” නමිවූ සම්මානය පිරිනැමීමට නියමිතව තිබුණේ ගාල් ගැඩොටි අතින්. මේ සුරූපිනියද බ්‍රෙටි ඇතුළු අපචාර චෝදනා ලත් අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කර තිබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »