Home / හොලිවුඩ් ගොසිප් / පැරිස්, පුවටෝ රිකෝ යයි

පැරිස්, පුවටෝ රිකෝ යයි

2017-11-09 09:50:00       686
feature-top
පැරිස් ජැක්සන්, පොප් ගී ලොව කිරුළ දැරූ මයිකල් ජැක්සන් ගේ දියණියයි. ඇය පසුගිය සතියේ පුවටෝ රිකෝ දූපතට පැමිණියා. ඒ, මෑතකදී හැමූ චණ්ඩ මාරුතයෙන් විපතට පත්ව සිටින අසරණ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දේ ලබා දෙන්නටයි.

පැරිස් සමඟ ඇමරිකානු රූපවාහිනී ශිල්පියෙකු වන බෙතනි ‍ෆ්‍රැන්කල් ද එක්ව සිටියා. සරල ඇඳුමකින් සැරසී සිටි පැරිස්, ගුවන් යානයෙන් පුව‍ටෝ රිකෝ වෙත රැගෙනවිත් තිබුණු බඩු භාණ්ඩ ට්‍රක් රථ වලට පැටවීමටත් උදව් කළා. පුවටෝ රිකෝ නම් අනාථ වූ පවුල්වල කුඩා ළමයින්ට අත්‍යවශ්‍ය දේ බෙදා දෙන්නට පැරිස් වඩාත් උනන්දු වුණා. එහිදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් ම ඇය, තම ඉන්ස්ටග්‍රෑම් පිටුවටත් එක් කර තිබුණා.

මීට කලින් හොලිවුඩ්පුරයේ ජනප්‍රිය තරු රැසක් ම පුවටෝ රිකෝ වෙත පැමිණ නොයෙකුත් ආධාර ලබා දී තිබුණා. ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝෆෙස්, ජෙනිෆර් ඇනිස්ටන් සහ චෙල්සී හැන්ඩ්ලර් ඒ අතර කැපී පෙනෙන අය. මේ තිදෙනා තම පෞද්ගලික මුදලින් ඩොලර් මිලියනය බැගින් ඒ සඳහා වැය කර තිබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »