Home / හොලිවුඩ් ගොසිප් / මංගල උත්සවය පුදුම කරවූ කැටී

මංගල උත්සවය පුදුම කරවූ කැටී

2017-11-08 09:47:00       684
feature-top
ඇමරිකාවේ සෙන්ට් ලුවිස් ප්‍රදේශයේ පිහිටි ෆෝ සීසන්ස් හොටෙල් නම් වූ තරු පහේ හෝටලයක පසුගියදා විවාහ මංගල උත්සවයක් තිබුණා. හෙලී රොසෙන්බ්ලම් සහ බ්ලොනී ඩුඩ්නේ කියන මනාල යුවලගේ විවාහ මංගල්‍යයි එදින සිදුවුණේ. මේ උත්සවය මැදියම් රැය වෙනතුරු පැවැත්වෙමින් තිබුණා. මැදියම් රැය ඉක්මයත් ම හෝටලය ඉදිරිපිට නතර කළ වාහන කිහිපයකින් පිටතට පැමිණියේ තිහක හතළිහක තරමේ තරුණ පිරිසක්. ඒ අතර සිටි තඹ පැහැ හිස කෙස් ඇති සුරූපි යුවතිය හොඳින් ම කැපී පෙනුණා. බේස් බෝල් කැප් තොප්පියක් පැලඳ සිටිය ද ඇය කවුරුන්දැයි කාටත් හඳුනාගත හැකි වුණා. ඇය තමයි, පොප් ගායිකා කැටී ජෙරී.

ඇය මේ මංගල උත්සවයට පැමිණියේ හදිසියේමයි. ‘කැටී, යුවළගෙන් අහල තිබුණා, මංගල උත්සවයට එක පාරට ම ඇවිත් හැමෝ ම පුදුම කරන්න ද කියලා. මනාල යුවළත් කැමැති වෙලා. ඒ නිසයි කැටී එයාගෙ පිරිවරත් එක්ක ආවේ.” මනාල යුවළගේ මිත්‍ර‍යකු එලෙස පැවසුවා.

මේ සුපිරි ගායිකාවගේ හදිසි පැමිණීමත් සමඟ ම විවාහ මංගල උත්සවයට එක්වී සිටි කවුරුත් පුදුමයටත් සතුටටත් පත්වුණා. කැටී එහි විනාඩි 15 ක් පමණ රැඳී සිටියා. ඒ සුළු කාලයේදී ඇය මනාල යුවළ සමඟ නර්තනයෙහි යෙදෙන්නටත් ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූපවල පෙනී සිටීමටත් අමතක කළේ නැහැ. කැටී, මේ මංගල උත්සවයට පැමිණියේ ඇගේ ‘විට්නස්’ නම් වූ සංගීත ප්‍රසංගය පවත්වා ආපසු යමින් සිටියදීයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »