Home / හොලිවුඩ් ගොසිප් / රිකීගෙ කනස්සල්ලට හේතුව

රිකීගෙ කනස්සල්ලට හේතුව

2017-10-19 09:52:00       676
feature-top
ජනප්‍රිය ගායක රිකී මාටින්ගේ උපන් බිම පිහිටි පුවටෝ රිකෝ පසුගියදා හැමූ මාරියා චණ්ඩ මාරුතයට හසුවුණා.

මේ හේතුවෙන් එහි විදුලි බලය, ජල සැපයුම, ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සහ සන්නිවේදනය ඇතුළු සියලු කටයුතු ඇණ හිටියා.

පසුගියදා රිකී මාටින් මේ බව සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහන් කළා. ඒ සමඟම තවත් විශේෂ කරුණක් ද සිහිපත් කළා… “මම දැන් හරිම කනස්සල්ලෙන් ඉන්නේ. මගේ සහෝදරයා ගැන කිසිම ආරංචියක් මේ තාක් දැන ගන්න ලැබුණෙ නැහැ. එයා ඉන්නෙ පුවටෝරිකෝ වල. එයාට මොනව වුණාද කියල කිසිම ආරංචියක් නැහැ.”

මේ සටහන සමඟ ඔහු හැම දෙනාගෙන් ම අයැද සිටියේ විනාශයට පත්වූ පුව‍ටෝරිකෝ ජන ජීවිතය යළි නඟා සිටුවන්නට අවශ්‍ය ආධාර ලබාදෙන ලෙසයි. මේ වනවිට රිකී මාටින්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව සමඟ සම්බන්ධවී සිටින රසික පිරිස මිලියන 8.9 ක් ලු.

(under the courtesy of rasagossip.lk web)

More News »