Home / හොලිවුඩ් ගොසිප් / ලයනල් රිචී දුකෙන්

ලයනල් රිචී දුකෙන්

2017-10-17 11:17:00       690
feature-top
එදා මෙන් ම අදත් ගීත රසික පරපුර අතර ප්‍රසාදය දිනාගත් ජනප්‍රිය ගායක ලයනල් රිචී මේ දිනවල කාලය ගත කරන්නේ කනස්සල්ලෙන් යුතුවයි. ඔහුගේ දියණියගේ පෙම් සබඳතාව ගැන සැබෑ තොරතුරු හෙළිවීම නිසයි ලයනල් රිචී මෙලෙස දොම්නසින් සිටින්නේ‍. සොෆියා රිචී, ඔහුගේ දියණියයි. තවමත් 19 වැනි වියෙහි පසුවන ඇය නිරූපණ කලාවට යොමුවී සිටිනවා. ජනප්‍රිය ශිල්පිනියක ලෙස ඉදිරියට පැමිණෙමින් සිටින ඇය ස්කොට් ඩිසිත් සමඟ පෙම් සබඳකමකට මුල පුරලා. ඔහු ඇමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන ශිල්පියකු ලෙස ජනප්‍රියත්වයක් දිනා සිටිනවා.

ස්කොට්ගේ වයස අවුරුදු 34 යි. ඔහු ජීවිතය ගත කරන අයුරු පිළිබඳව ලයනල් රිචී තුළ කිසිම පැහැදීමක් නැතිලු. ස්කොට්, නොයෙකුත් කාන්තාවන් සමඟ සබඳකම් පවත්වන බවත්, මත්පැන්වලට ඇබ්බැහි වූ අයකු බවත් රහසක් නොවෙයිලු. ඔහු කෙතරම් දුරට මත්පැන්වලට ලොල්වූවකු ද කිවහොත්, ඔහුට අක්මා රෝගයක් ද වැලඳී ඇතැයි පැවසෙනවා. තම දියණිය මෙන් දෙගුණයක් වයසැති ස්කොට් වැනි සල්ලාල‍යකු ඇයට කොහෙත්ම නොගැළපෙන බවයි ලයනල් රිචී පවසන්නේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »