Home / හොලිවුඩ් ගොසිප් / ‘ප්ලේබෝයි’ නිර්මාතෘ මියයයි

‘ප්ලේබෝයි’ නිර්මාතෘ මියයයි

2017-10-14 09:50:00       674
feature-top
ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය දහරාවට ‘‍ප්ලේබෝයි’ නම් වූ ආන්දෝලනාත්මක සඟරාව හඳුන්වා දුන් හියු හෙෆ්නර් පසුගියදා මිය ගියා. ‘ප්ලේබෝයි’ ප්‍රකාශනය අඩනිරුවත සහ ශෘංගාර එක්කළ සඟරාවක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණා‍. මිය යනවිට 91 වැනි වියෙහි පසුවූ හෙෆ්නර් 1953 දීයි මේ සඟරාව ආරම්භ කළේ.

“මාධ්‍ය ලෝකයේ පුරෝගාමියකු හැටියට මගේ පියා ගත කළේ අසාමාන්‍ය සහ විරෝධයන්ට මුහුණ දුන් ජීවිතයක්. ඔහු නිදහස් මත ප්‍රකාශනයට, සිවිල් අයිතිවාසිකම්වලට සහ ලිංගික නිදහස වෙනුවෙන් පක්ෂව කතා කළා. ඔහුගේ ‘‍ප්ලේබෝයි’ ප්‍රකාශන වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳ ලකුණ කාගේත් මතකයේ රැදේවි” යැයි හෙෆ්නර්ගේ පුත්‍රයකු වන කූපර් හෙෆ්නර් පැවසුවා. ‘එස්ක්වයර්’ සඟරාවේ සහකාර පිරිස් කළමනාකරුවකු ලෙස ද ඉන් පසුව එහිම ප්‍රවර්ධන පිටපත් රචකයකු ලෙස ද සේවය කළ හෙෆ්නර්, එයින් ඉවත් වූයේ තමන්ගේ ම සඟරාවක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් යුතුවයි. ඒ සඟරාව තමයි ‘‍ප්ලේබෝයි.’

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »